Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 18:55:21 Hours

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන පිළිබඳ දිවයින පුරා යුද්ධ හමුදා වෘත්තිමය සුප සහයකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා රෝහල් දී

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ ‘සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් පිළියෙල කරගන්නා ආකාරය’ පිළිබඳ යුද්ධ හමුදා වෘත්තිමය සුප සහයකයින් සහ සුප සහයක පාඨමාලා උපදේශකවරුන් දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (16) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමීව පැවති මෙම සැසියේ දී ආහාර වල පෝෂණ අගය හා එහි ගුණාත්මක භාවය රුකගැනීම, ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම හා එහි වැදගත්කම,පෝෂදායි ආහාර වේලක් සකසා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ බෝ නොවන රෝග හා ඒවායින් වැළකීම පිළිබඳ දේශන මලාවක් පවත්වනු ලැබීය.

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, මනෝවිද්‍යා උපදේශක කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, ලුතිනන් ඒ.සී.කේ. උඩුගම, වින්ස්ටන් හෝටෙල් පාසලේ විශේෂඥ සුපවේදි ලෙනාර්ඩ් පෙරේරා මහතා,පෝෂණවේදිණි කුමුදුනි සතරසිංහ මහත්මිය ද මෙහිදි දේශන පවත්වමින් බෝ නොවන රෝග සහ ඒවායෙන් වැලකීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධාරණය කළහ.

මෙම වැඩසටහන අතරතුර පැවති දිවා භෝජනයේ දී ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන විසින් මෙම වැඩසටහන සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කළහ.

මෙම වැඩසටහන සඳහා දිවයින පුරා ආරක්ෂක සේනා මූලස්ථාන හා රෙජිමේන්තු මූලස්ථාන නියෝජනය කරමින් සුප සහකයින් සහභාගි වූ අතර, 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ උපදේශකයින් ද ඇතුළුව යුද්ධ හමුදා ජ්‍යෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් 125 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වුහ.

හෘදයාබාධ හා දියවැඩියා වැනි රෝගි තත්ත්වයන් හේතුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් මරණයට සහ ආබාධිත තත්ත්වයට පත්වන අනුපාතය අඩු කිරීම සහ බෝ නොවන රෝග වලට ගොදුරුවීම වැළක්වීමේ අරමුණින් නවීන සෞඛ්‍ය තත්ත්වයන් හා සෞඛ්‍ය ප්‍රතිපත්තින් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීමෙන් පවත්වනු ලබන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ සමීක්ෂණයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගැනීමේ දී සාමන්‍යයෙන් 40 වැනි වියේ පසුවන අතර එම වයස් සීමාව බොහෝවිට වකුගඩු රෝග හා හෘදයාබාධ වැනි රෝගයන්ට ගොදුරුවීමේ සංකූලතාවය වැඩි බව අනාවර්ණය කරගෙන ඇත.

bridgemedia | Nike Shoes