Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2018 10:57:33 Hours

‘දියවැඩියා පාගමන’ සඳහා 22 වන සේනාංකයේ භට පිරිස් දායක වේ

ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ 306 සිංහ සමාජය එක්ව දියවැඩියා රෝගයෙන් ජනතාව වළක්වා ගැනීම සැබැඳිව දැනුවත් කිරිමේ පාගමනක් පසුගිය දා පැවැත් වූ අතර, ඒ සඳහා 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 221 බලසේනා මූලස්ථානයේ කාන්තා සෙබලියන් ඇතුලු 22 වන සේනාංක යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 60 ක් සහභාගි වෙමින් සිය දායකත්වය දක්වනු ලැබීය.

ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ මෙම පාගමන සඳහා එක් වූ භට පිරිස් විසින් දියවැඩියා රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලද අතර, මෙම රෝගයෙන් සෑම වසරකම ජීවිත දහස් ගණනක් අහිමිවන බැවින් මහජනතාවට එම රෝගය වළක්වාගත හැකි ආකාරය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ද මෙමඟින් අවස්ථාව උදාවිය.

සිංහ සමාජය ව්‍යාපෘති සභාපති සිංහ වසන්ත ගමගේ විසින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත කළ ආරාධනයකට අනුව මෙම පාගමන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වූහ.

ආගමික ප්‍රභූවරුන්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා, සහාකාර දිස්ත්‍රික් ලේකම් එස්. අරුල් රාසා මහතා, සිංහ දිස්ත්‍රික් ආණ්ඩුකාර රූපා ධීරසිංහ, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුලු සිවිල් වැසියන් 250 කට අධික පිරිසක් ද මෙම පාගමන සඳහා එක්ව සිටියහ.

jordan Sneakers | adidas Yeezy Boost 350