Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2019 23:10:40 Hours

‘ත්‍රිපිටකාභිවන්දනා’ ලෝක උරුම බෞද්ධ ආගමික වැඩසටහනට දිවයින පුරා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙයින් සියවස් විසිහයකට පෙර භාරතයේ දී දේශනා කර වදාළ, ථෙරවාදී ‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම නිමිත්තෙන් දියත් කරනු ලබන ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු සියගණනක් බෞද්ධ කොඩිවලින් සරසා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදුන් මඟපෙන්වීම මත මාර්තු මස 16 සිට 23 දින දක්වා දියත් කරනු ලබන ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෞද්ධ උත්සව, විශේෂ චාරිකා පැවැත්වීම, ධම් සක්මන්, පූජා ආදීය මෙන්ම ‘ත්‍රිපිටකය’ ආරක්‍ෂා කිරීම පිළිබඳ ධර්ම දේශනා, පිරිත් සජ්ඣායනා, ධර්ම සාකච්ඡා සහ බෞද්ධ සම්ප්‍රදායානුකූල සැරසිලි සිදුකිරීමට නියමිතය.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා බෞද්ධ කොඩි එසවීම, රාජ්‍ය ආයතන හා අවට බෞද්ධ විහාරස්ථානයන්හි පවත්වනු ලබන මෙම ජාතික වැඩසටහනට සහාය දැක්වීම මෙන්ම ජාතික ප්‍රතිඥාව කියවීම, විශේෂ දහම් දේශනවලට සවන්දීම සහ විවිධ ආගමික වැඩසටහන්වලට විවිධ ක්‍රමවේදයන් ඔස්සේ සහාය දක්වනු ඇත.

මෙම ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියේ ප්‍රධානතම උත්සවය සෙනසුරාදා (23) දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සුත්‍ර, විනය සහ අභිධර්මය යන තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් බහුලව දක්නට ලැබෙන මීට සියවස් ගණනාවකට පෙර මාතලේ අලුවිහාරයේ දී තල් කොළවල ලේඛණගත කර ගරුතර සඟරුවන විසින් දිවි හිමියෙන් රැකගෙන අප වෙත දායද කල 'තුන් පිටකය’ ලෙස හැදින්වෙන ‘ත්‍රිපිටකය’ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් සේ රැකගැනීමේ සද්ව්‍යාපාරය සඳහා අපගේ ආශිර්වාදය, සහයෝගය සහ කැපවීම ගෞරවයෙන් හා අභිමානයෙන් යුක්තව ලබාදෙනු ඇත. Nike sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5