Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2016 19:41:33 Hours

‘ත්‍රස්තවාදයේ නූතන මුහුණුවර’ පිළිබඳව කථිකාවත බුත්තලදී ඇරඹේ

සියලුම යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අරමුණු කර ගෙන අනාගතයේදී විය හැකි නවීණ ආරක්ෂක තර්ජන, සයිබර් අවකාශය, ජීව විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදා පුහුණුව අරමුණු කරගෙන බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි පැවති දෙදින සමුළුව සඳුදා (25) දින ආරම්භ වුණ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සහභාගි විය. එහිදී නූතන ත්‍රස්තවාදය මැඩලීමට ඇති ප්‍රවේශයන් පිළිබඳ ප්‍රධාන දේශණය ඔහු විසින් සිදු කරනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය සඳහා යුද,නාවික,ගුවන් හමුදාවන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් සහ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් ද සහභාගි විය. මෙම සම්මන්ත්‍රණය ත්‍රස්තවාදය සහ එහි බලපෑම පිළිබඳව හමුදා දැනුම පුළුල් කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කරන ලද්දකි. දියතලාවේ පිහිටි ආඥා මූලස්ථානය යුද හමුදා පුහුණු හි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්, බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථායෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා විසින් මෙම සම්මන්ත්‍රණයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා 150 කට අධික පිරිසක් සහභගි වූ අතර, සිවිල් විශේෂඥ සහය ද මේ සඳහා ලැබුණි. මේජර් ජෙනරාල් මිලින්ද පිරීස් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමේදී පවසා සිටියේ ගෝලීය මට්ටමින් නැගී එන ත්‍රස්තවාදී ප්‍රවණතා සහ නවීකරණය වූ ප්‍රවේශයන් පිලිබඳව අදාල බලධාරීන් හමුදාවන් දැනුවත් කර ඇති බවත් ඒ අනුව යුද හමුදාව විසින් එල්ටීටීඊ නැවත නැගීසිටීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අවධියෙන් සිටිය යතු බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන අභිලාශයන්වලට එරෙහිව එල්ටීටීඊ තවමත් වැඩකරමින් සිටින බවත් පවසන ලදී. මෙහිදී ඔහු විසින් වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්තවාදයේ අන්තර්ජාතික බලපෑම් සලකා බැලීමේදී අප හට අනාගත අභියෝග සඳහා මුහුණ දීමට මේ ආකාරයේ මණ්ඩපයක් තුලින් බුද්ධිමය ධාරිතාවන් වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තව තවත් වර්ධනය වන බවයි. මේ අවස්ථාව වන විට අප ජීවත්වනුයේ වේගයෙන් වෙනස්වන සහ ඉතා සංකීර්ණ වටපිටාවක් තුළයි. ඒ අනුව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී සමහර විට එය අවසාන වනුයේ අධිකරණය තුළ විභාගවන මානව හිමිකම් කඩ කිරීමක් ලෙස වේ. වර්ථමානයේ ඇතිවන බලපෑම් ඉතා සංකීර්ණ වේ. කුඩා විද්‍යාගාරයක් තුල ජීව විද්‍යාත්මක අවියක් නිපදවීම සාමාන්‍ය අවියක් නිපදවීමට වඩා කඩිනමින් සිදු කළ හැක. ඒ සඳහා අප විසින් ඕනෑම අවස්ථාවකට මුහුණු දීමට මූලාරාම්භය ගත යුතු වේ. අප විසින්ම ඒ සඳහා විසදුම් සොයා ගත යුතු වේ. එමෙන්ම නිලධාරියෙකු හට ලැබිය හැකි ඉතා වැදගත්ම අත්දැකීම වන්නේ අධ්‍යාපනය බවද වැඩිදුරටත් පැවසීය. එම සැසියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි සේනාවිධාක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා විසින් පිළිගත් අතර, අනතුරුව දේශණ ශාලාව වෙත කැදවාගෙන යනු ලැබීය. පසුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සහ සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීම සිදු කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගිවූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, ආඥා මූලස්ථානය යුද හමුදා පුහුණු හි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පීද ඉසෙඩ් වික්‍රමරත්න සහ මේජර් ජෙනරාල්වරුන්, බ්‍රිගේඩියර්වරුන්, කර්නල්වරුන්, මේජර්වරුන් සහ කපිතාන්වරුන් එක් විය. කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයෙහි උපාය මාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවෙහි කථිකාචාර්ය සතීස් මොහන්දාස් මහතා, කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයෙහි උපාය මාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවෙහි භාග්‍යා සේනාරත්න මහත්මිය, යුද හමුදා මධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා, මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, මේජර් ජෙනරාල් උදය පෙරේරා, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මේජර් ජෙනරාල් පී.ඩබ්.බී ජයසුන්දර, මේජර් ජෙනරාල් එන්.ඒ ධර්මරත්න, මේජර් ජෙනරාල් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී රාජගුරු, බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ, බ්‍රිගේඩියර් ටී.එස් සලේ, බ්‍රිගේඩියර් ඩබ්.ඒ වන්නිආරච්චි, බ්‍රිගේඩියර් ආර්.ජී.යූ රාජපක්ෂ, ඇතුළු පිරිස සහභාගි වූ මෙම සමුළුව දින දෙකක් මුළුල්ලේ පැවැත්වීමට නියමිතය. Nike air jordan Sneakers | Nike for Men