Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2017 14:00:04 Hours

‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ ප්‍රදර්ශනය විවෘත කෙරේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව ‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ නව නිපැයුම් ප්‍රදර්ශනය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස්හි නිර්මාණශීලි සිතුවිලි නව නිපැයුමක් බවට පරිවර්ථනය කිරීම මෙහි අරමුණ වන අතර, මෙම ප්‍රදර්ශනය නැරඹිම සඳහා සිසුන් ද ඇතුලුව ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක වන 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අදීප තිලකරත්නගේ ආරාධනයෙන් පැමිණි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, උතුරු නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, උතුරු ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති බ්‍රිගේඩියර් සනත් පෙරේරා, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මීට එක්ව සිටයහ.

‘උවදුරු ආරක්ෂක පද්ධතිය’ නිර්මාණය කළ 2 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩි.එම්.සී. දිසානායක විසින් ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ‘අන්ධ පුද්ගලයන් සඳහා ඉලෙක්ට්‍රොනික අත්වැස්ම’ නිර්මාණය කළ 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් බි.පී.ඩබ්. දිසානායක වෙත දෙවන ස්ථානය ද, ‘හඳුනා ගැනීමේ ආරක්ෂක යන්ත්‍රය’ නිර්මාණය කළ සැරයන් එම්.එන්. කරුණාතිලක වෙත තෙවන ස්ථානය ද හිමිවිය.

මෙම ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය සී. මහේෂ් එදිරිසිංහ විසින් ජයග්‍රහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

latest Running Sneakers | New Balance 991 Footwear