Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2017 18:15:33 Hours

‘ඩි.එස්.සේනානායක’ විද්‍යාලයෙන් බිහිවු මියගිය රණවිරුවන් සිහිකෙරේ

සිය 50 වන සංවත්සරය සමරන කොළඹ පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ පැවති 22 වන ‘රණවිරු දිනය’ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (23) දින උදැසන එම විදුහල් පරිශ්‍රයේ පැවති අතර, එම අවස්ථාවට මහත් අභිමානයක් සහ උදාරත්වයක් එක් කරමින් සංවිධායකයින්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද හමුදාපතිවරයා, විදුහල්පති ආර්.එන්.එන්.රත්නායක මහතා සමඟින් ආදී ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සභාපති මදුර වික්‍රමරත්න මහතා සහ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සුසන්ත දිසානායක මහතා විසින් විදුහල් ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී මහත් හරසරින් පිළිගත් අතර, එතුමා හට විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායම විසින් සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව, විදුහලෙන් බිහිවු මියගිය රණවිරුවන් සිහිකර ඔවුන්හට ගරු කිරිමක් ලෙස විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරිම සඳහා යුද හමුදාපතිවරයා හට ආරාධනා කරනු ලැබිය. මෙම රණවිරු ස්මාරකයේ විශේෂත්වය වනුයේ, එය පාසල් පරිශ්‍රයක පළමුවෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය විමයි.

අනතුරුව, රැස්ව සිටි පිරිස ඇමතීම සඳහා යුද හමුදාපතිතුමන් හට ආරාධනා කළ අතර, එහිදි එතුමා විසින් මෙවැනි වැදගත් අවස්ථාවකට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරාධනා කීරිම වෙනුවෙන් විදුහල වෙත සිය කෘතඥතාවය පුද කළ අතර, තවද යුද හමුදා දිවියට විනය උසස් අන්දමින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කරන ලදි. එමෙන්ම, මෙම විදුහලෙන් මව්බිමට විරෝධාර රණවිරුවන් බිහිකර ඇති ආකාරයත් පාසලේ ආදර්ශ පාඨය වන ‘තමන්ට පෙර රට’ යන පාඨය ආදර්ශයට ගනිමින් මව්බිමෙහි භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා මෙම මියගිය විරෝධාර රණවිරුවන් දැයට දයාද කර බවත් අවධාරණය කරන ලදි.

අද වන විට දිවයිනේ ප්‍රමුඛතම ජාතික පාසලක් බවට ඩි.එස්.සේනානායක විද්‍යාලය පත්ව ඇති අතර, එම විද්‍යාලයෙන් බිහිවු රණවිරුවන් 33 ක් පසු ගිය යුද සමයේ දී තම ජිවිතය මව්බිම වෙනුවෙන් පුද කර ඇත. මෙම විද්‍යාල පරිශ්‍රයේ පිහිටා ඇති රණවිරු ස්මාරකයේ මියගිය රණවිරුවන් සිහිපත් කිරිම වෙනුවෙන් හෝරා යන්ත්‍රයක් ලෙස පාසල් කාල පරිච්ඡේදයන් හී අවසානය දැන්විමට සෑම විනාඩි 45 කටම වරක්ම නාද වනු ලැබේ.

විදුහල්පති, ආර්,එන්.එන්. රත්නායක විසින් පැමිණ සිටි පිරිස අමතමින් ඉතිහාසයේ ඉතා වැදගත් තීරණාත්මක මොහොතක සේනානායක විද්‍යාලයෙන් බිහිවු මියගිය රණවිරුවන් මව්බිම වෙනුවෙන් ඔවුන්ගේ ජිවිත පූජා කළ බව මෙහිදි අවධාරණය කලහ. තවද, මෙම අවස්ථාව සිහිපත් කිරිම සඳහා යුද හමුදාපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබු අතර, එතුමා විසින් මෙම අවස්ථාවේ පාසල් සමරු සටහන් පොතේ සටහනක් ද තබන ලදි.

යුද හමුදා සැලසුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එච්.ජේ.එස්. ගුණවර්ධන, සේනානායක විද්‍යාලිය ආදී ශිෂ්‍යන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

best Running shoes brand | Nike