Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2018 06:30:17 Hours

‘ජාතිය ගොඩනැගිමේ’ කාර්යභාර්ය සඳහා යුද්ධ හමුදා සහය ඉදිරියටත්

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ වගකිම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිගේ දැක්මට අනුව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය (Nation-Building Task Force) ලෙස අද උදෑසන (12) මත්තේගොඩ පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී විවෘත කරන ලදි.

එහි පුරෝගාමියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. එහිදි අදහස් දක්වමින් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, “යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය, ඉංජිනේරු විශේෂඥ සහය සහ සම්බන්ධිකරණ කටයුතු මෙන්ම තාක්ෂණික සහය ආදීය ලබාදීමට කටයුතු කරන බවට” පැවසීය.

මෙම ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය, ක්ෂේත්ර ඉංජිනේරු රෙජිමේන්තු තුනකින් සහ ස්වේච්ඡා ඉංජිනේරු රෙජිමේන්තු දෙකකින් සමන්විත වන අතර, ජනාධිපති කාර්ය සාධක බලකායේ “පිබිදෙමු පොලොන්නරුව” ව්‍යාපෘතියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලැබේ.

තවද, ජාතිය ගොඩනැඟිමේ කාර්ය සේනාංකයේ උපදේශකයින්ගේ නිර්දේශ සහ මාර්ගෝපදේශනයන්ට අනුකූලව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු රජය සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සියලුම සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරනු ලබයි.

ලෝකයේ අනෙකුත් හමුදාවන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද අනාගතයේ පවතින ආරක්‍ෂක අභියෝගයන් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍යවන පරිදි හැකියාවන් මත පදනම් වූ හමුදාවක් බවට පත් කිරීමෙහිලා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන අතරම යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා සහයෝගය දක්වනු ලබයි. තවද අනෙකුත් පිරිස් යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සහ පුහුණු කටයුතු සඳහා යොදවා ඇත.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිළිගනු ලැබීය. අනතුරුව, ජාතිය ගොඩනැඟිමේ කාර්ය සේනාංකය වෙත ආශිර්වාද පතා මහසඟරුවනේ මුලිකත්වයෙන් ආගමික වතාවත් ද සිදු කරනු ලැබීය.

මෙහිදි බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර පිළිගැනීමේ කතාව සිදු කරමින් යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කරන ලද ජාතිය ගොඩනැඟිමේ කාර්ය සේනාංකයේ දැක්ම සහ මෙහෙවර පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් ද සිදු කරන ලදි.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එම අවස්ථාව අමතමින් “ජාතිය ගොඩනැඟිමේ කාර්ය සේනාංකයේ පිහිටුවීමේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කළ අතර, මේ සඳහා විශාල සාර්ථකත්වයක් ලැබීම තුලින් යුද්ධ හමුදා ප්‍රතිරූපය ඉහළ නැංවීමට හැකි වන බව” පැවසීය.

මෙම උත්සවය අවසානයේ දී ජාතිය ගොඩනැඟිමේ කාර්ය සේනාංකය පිහිටුවීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ග සම්බන්ධව යුද්ධ හමුදාධිපතිතුමන්ට ද මෙහිදි විශේෂයෙන් ස්තුතියි කළහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩි.එස් වීරමන්, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් එච්.ජේ.එස් ගුණවර්ධන, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.එම්.එස් පෙරේරා, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බි විජේසුන්දර, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ටි.බි දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

latest Running Sneakers | Air Jordan