Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශුරතාවය’ ආරක්ෂක සේවා හොකී කණ්ඩායම දිනා ගනි

පසුගිය ඉරිදා (21) දින කොළඹ 7 හොකී පිටියේදී පැවති ‘ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශුරතා’තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් ආරක්ෂක සේවා පිරිමි සහ කාන්තා කණ්ඩායම් රාජ්‍ය සේවා හොකී කණ්ඩායම සහ කොළඹ හොකී සමාජ කණ්ඩායම පරදවමින් ශුරතාවය දිනාගන්නා ලදී.

ආරක්ෂක සේවා පිරිමි හොකී කණ්ඩායම සහ රාජ්‍ය සේවා හොකී කණ්ඩායම අතර පැවති අවසන් මහ තරඟයෙන් ලකුණු 5 – 0 ක් වශයෙන් ජයග්‍රහණය කරමින් ශුරතාවය දිනාගත් අතර මෙම තරඟාවලියේදී ආරක්ෂක සේවා පිරිමි හොකි කණ්ඩායම ගෝල 61 ක් රැස් කරගැනිමට සමත් විය.

ආරක්ෂක සේවා කාන්තා හොකී කණ්ඩායම සහ කොළඹ හොකී සමාජ කණ්ඩායම අතර පැවති අවසන් මහ තරඟයෙන් ලකුණු 6 – 0 ක් වශයෙන් ජයග්‍රහණය කරමින් ශුරතාවය දිනාගත් අතර මෙම තරඟාවලියේදී ආරක්ෂක සේවා කාන්තා හොකි කණ්ඩායම ලකුණු 29 ක් රැස් කරගැනිමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන අමාත්‍යාංශයේ සංවිධානය මත වසර 06 කට පසු පවත්වනු ලබන ‘ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශුරතා’තරඟාවලිය ජනවාරි 16 දින සිට 21 දින දක්වා පුරා දින 06 ක් පැවති අතර එහි අවසන් තරඟ ඉරිදා (21) දින පවත්වන ලදී.

ආරක්ෂක සේවා, පොලීසිය සහ සිවිල් අංශයන් නියෝජනය වන පරිදි පිරිමි කණ්ඩායම් 18 ක් හා කාන්තා කණ්ඩායම් 10 ක් මෙම තරඟාවලිය තුල දින 06 ක් මුළුල්ලේ තරඟ වැදුණි.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් 07 දෙනෙකු, නාවික හමුදා ක්‍රිඩකයින් 04 දෙනෙකු සහ ගුවන් හමුදා ක්‍රිඩකයින් 07 දෙනෙකු ගෙන් සමන්විත ආරක්ෂක සේවා පිරිමි කණ්ඩායම මෙම තරඟාවලිය තුල දි රත්නපුර හොකි සමාජයට එරෙහිව 20 – 0 ක් වශයෙන් ද, වෙන්නප්පුව ක්‍රිඩා සමාජයට එරෙහිව 20 – 0 ක් වශයෙන් ද, ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල හොකි සමාජයට එරෙහිව 6 – 0 ක් වශයෙන් හා වෙළඳ හොකි සමාජයට එරෙහිව 10 – 1 ක් වශයෙන් ද ජයග්‍රහණයන් ලබා ගෙන ඇත.

ඊට අමතරව, යුද්ධ හමුදා ක්‍රිඩකයින් 04 දෙනෙකු, නාවික හමුදා ක්‍රිඩකයින් 09 දෙනෙකු සහ ගුවන් හමුදා ක්‍රිඩකයින් 05 දෙනෙකු ගෙන් සමන්විත ආරක්ෂක සේවා කාන්තා කණ්ඩායම මෙම තරඟාවලිය තුල දි වෙන්නප්පුව ක්‍රිඩා සමාජයට එරෙහිව 10 – 0 ක් වශයෙන් ද, ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල හොකි සමාජයට එරෙහිව 2 – 0 ක් වශයෙන් ද, කළුතර හොකි සමාජයට එරෙහිව 4 – 0 ක් වශයෙන් ද, කොළඹ හොකි සමාජයට එරෙහිව 1 – 0 ක් වශයෙන් හා මහනුවර හොකි සමාජයට එරෙහිව 4 – 0 ක් වශයෙන් ද ජයග්‍රහණයන් ලබා ගෙන ඇත.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායම නියෝජනය කරමින් තුවක්කු සෙබළ කේ.එම්.ආර්.ජේ. කුලතුංග විසින් ද දක්ෂතම ක්‍රිඩිකාවට හිමි කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා හොකී කණ්ඩායම නියෝජනය කරමින් කාන්තා නාවික සෙබළ ඊ.ඩබ්ලිව්.එච්.එස්.ජි.ජි.ජි. දමයන්ති විසින් ද හිමි කරගන්නා ලදී.

මෙම ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් පුහුණු කිරිම හා තරඟ සඳහා සුදානම් කිරිමේ සැලසුම් යුද්ධ හමුදා හොකි කමිටුව සහ ආරක්ෂක සේවා හොකි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වාගේ අධික්ෂණය යටතේ සිදුවිය.

affiliate link trace | Entrainement Nike