Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:50:37 Hours

‘ගුණ ජය සතුට පදනමේ’ අනුග්‍රහයෙන් කිලිනොච්චි සිසුන්ට පාසල් උපකරණ

කිලිනොච්චි ආරක්ෂක සේනාවේ ඉල්ලීමකට අනුව ‘ගුණ ජය සතුට’ පදනම විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් සහ පාපැදි බෙදාදීමක් බ්‍රහස්පතින්දා (06) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමඟින් කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුයින්ටන්ස් මහතා, ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන දායකකුසල් ගුණසේකර මහතා, ප්‍රොපටි ගෲප් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අයින්කරන් සිවරත්නම් මහතා, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත්කරන්නියක හා නිලියක මෙන්ම නීතිඥවරියෙකු වන කිෂානි අලංකි මහත්මිය, විලේජ් හාට්බිට් එම්පවර්මන්ට් මධ්‍යස්ථානයේ කළමණාකාරිනිය වන නිත්‍යාන්ජලී පෙරේරා මහත්මිය, ස්ප්‍රිට් ඔෆ් සොකර් නිර්මාතෘ ස්කූටි ලී මහතා, විලේජ් හාට්බිට් එම්පවර්මන්ට් මධ්‍යස්ථානයේ ප්‍රධාන ව්‍යාපෘති කළමණාකාර ජොඑල් ප්‍රනැන්ඩ් මහතා සහ සම්බන්ධීකාරක සුබාෂ් පොන්නුදුරෛ මහතා ද එක් වූහ.

මෙහිදි ළමුන් 291 ක් සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් විසින් පාසල් උපකරණ සහිත බෑග් සහ රුපියල් 1000 ක වටිනාකමින් යුත් ත්‍යාග වචුචර් බෙදාදුන්හ.

තවද එම අවස්ථාවේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් 2017 අපොස (සාපෙළ) විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වෙනුවෙන් නව පාපැදි මිළදීගැනීම සඳහා ත්‍යාග වවුචර් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආගමික පූජකයින් කිහිපදෙනෙකු, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

best shoes | jordan Release Dates