Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2018 12:00:24 Hours

‘ගනර් සුපර් ක්‍රොස් - 2018’ විශිෂ්ඨ වාර්තා තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවකයින් ඇතුලුව මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් 183 දෙනෙකුගේ තරඟ වැදුණු මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ධාවන පථයේ දී ඉරිදා (29) දින 13 වන වරටත් පැවැත් වු ‘ගනර් සුපර් ක්‍රොස් - 2018’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය සඳහා නරඹන්නන් රැසක් පැමිණ සිටියහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් එහි සම්භාවනීය අමුත්තන් ලෙස ආරක්ෂක ලේකම් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් සී විජේගුණරත්න ද සහභාගි විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLASDA) එක්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම යටතේ සංවිධානය කළ මෙම තරඟාවලියේ දී මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විවිධ ඉසව් යටතේ තරඟවැදී සිය දස්කම් දැක් වූ අතර ජයග්‍රහකයින් වෙත වටිනා ත්‍යාග සහ කුසලාන ද හිමිවිය.

එහිදි ජයග්‍රහකයින් වෙත කුසලාන පිරිනැමිමට ආරක්ෂක ලේකම් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් සී විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

තරඟාවලියේ යතුරු පැදි ධාවකයින්, මෝටර් රථ සහ ජිප් රථ ධාවකයින් තියුණු ලෙස තරඟ කරන අයුරු දක්නට ලැබුණු අතර, එම ක්‍රීඩකයින් අතර යුද්ධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද විය.

සෑම වසරකම මෙම තරඟාවලියෙන් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු පිණිස යොදවනු ලැබේ.

ප්‍රධාන උත්සවයට සමගාමිව කාලතුවක්කු, උපාංග සහ උපකරණ ඇතුලත් විශේෂ ප්‍රදර්ශනයක් ද පැවැත්විය.

විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යතුරුපැදි ධාවන තරඟ සඳහා ඇලුම් කරන ක්‍රීඩාලොලීන් සහ සුභපතන්නන් රැසක් ද මෙම අවස්ථාව නැරඹිමට එක්ව සිටියහ. Running Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov