Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2018 08:47:06 Hours

‘ගජබා විරු සවිය’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ගජබා රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ගජබා රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන්ගේ පාසල් දරු දැරියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ‘ගජබා විරු සවිය’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අඟහරුවාදා (13) දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේ දී විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මියගේ ආරාධනයකට අනුව මෙම ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

මෙම වැඩසටහනේ දී මියගිය, රණක්ෂිතයට පත් වූ හා වෛද්‍ය හේතුන් මත යුද්ධ හමුදාවෙන් ඉවත්ව ගිය රණවිරුන්ගේ 5 වසර ශිෂ්‍යත්ව, අපොස (සා/පෙළ) විභාගයන් සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවීෂ්ඨයන් ලැබු සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

ඒ අනුව, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුවෙකුට මසකට රුපියල් 1500/= බැගින් වසරක කාලයක් සහ අපොස (සා/පෙළ) විභාගය සමත්ව අපොස (උ/පෙළ) විභාගය සඳහා පෙනීසිටින දරුවෙකු වෙනුවෙන් මසකට රුපියල් 1500/= බැගින් වසර දෙකක කාලයක් ද ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය. එමෙන්ම, වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවීෂ්ඨය ලැබු සිසුවෙකුට මසකට රුපියල් 5000/= බැගින් වසර තුනක කාලයක් ද ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත.

එමෙන්ම, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ අරමුදලින් පවත්වනු ලැබු මෙම ව්‍යාපෘතියේ දී ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ පාසල් අධ්‍යාපනය හදාරණ දු දරුවන් 500 ක් වෙනුවෙන් රුපියල් 3000/= ක වටිනාකමින් යුත් පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් 500 ක් ද බෙදාදෙනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් නියෝජනය කරමින් සැදුම්ලත් විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ගජබා රෙජිමේන්තුවේ පවුල්වල දු දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ අරමුණින් වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදීම සිදු කරනු ලබයි.

සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති ‘ගජබා විරු සවිය - 2018’ වැඩසටහන සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මිය ඇතුළු එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම උත්සවය සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයන් සහ ආරාධිතයන් රැසක් සහභාගි වුහ.

Best Nike Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth