Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2018 21:16:29 Hours

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2018’ සාර්ථකව අවසන් වේ

ලොවපුරා වූ ආරක්‍ෂක සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්‍ෂක විශේෂඥයන් 115 ක් ඇතුළු සන්නද්ධ හමුදා සාමාජිකයින් 800 ක පමණ සහභාගිත්වයෙන් ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව’ යන තේමාව ඔස්සේ මෙවර පැවැති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ අගෝස්තු මස 31 දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව නිමාවට පත්වු අතර එහිදි සහභාගි වූ විද්වතුන් රැසක් ගෝලීය ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කළහ.

සමකාලීන විදේශීය හා දේශීය වෘත්තිකයන්, විද්වතුන් හා විශේෂඥයින් ගෝලීය ආරක්‍ෂකව පිළිබඳ පැන නැගෙන ගැටළු මෙන්ම ලෝක සාමය පවත්වාගෙන යාම පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශ්ලේෂණාතමකව හා බුද්ධිමය වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එම ගැටළු සඳහා යෝග්‍යවන විසඳුම් සහ උපදෙස් යෝජනාවන් බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වසරේ සමුළුව, ප්‍රතිඵලදායි සැසිවාර 12 යටතේ සංවිධානය කර තිබු අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමීප සම්බන්ධතාවයෙන් සියලුම යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉමහත් සහයෝගයෙන් යුක්තව සංවිධානය කරනු ලැබීය.

මෙම සමුළුවේ සමාප්ති දේශනය සිකුරාදා (31) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව සපැමිණි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් සිදු කරනු ලැබීය.

‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ හී සමාරම්භක උත්සවය සඳහා ගරු අග්‍රාමත්‍ය රනිල් වික්රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමන්, ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් කිහිපදෙනෙකුගේ සහභාගි වූහ. එහිදි පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පිළිගැනීමේ කථාව සිදු කල අතර හඳුන්වාදීමේ දේශනය ආරක්‍ෂක ලේකම්තුමන් විසින් සිදුකරන ලදී. තවද මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් සිදු කරනු ලැබීය.

සිකුරාදා (31) දින පැවැති අවසන් සැසිවාරයේ දී සමාප්ති දේශනය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමුළුවේ ප්‍රධාන කථිකයින් ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක සහතිකපත් ද පිරිනමනු ලැබු අතර ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් සුභාෂීංශන පණිවිඩය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2018’ හී සමාප්ති දේශනය සිදු කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රචණ්ඩකාරී අන්තවාදයට හා ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව සෑමවිටම විමසිල්ලෙන් පසුවිය යුතු බවත් පැවසීය.

මෙම සමුළුවේ පැවැති සැසිවාරයන් සඳහා ලොවපුරා විද්වතුන් 115 ක් සහ දේශීය විද්වතුන් 800 කට අධික පිරිසකගේ සහභාගි වූ අතර ඔවුන් කණ්ඩායම් සැසිවාරයන් හිදී අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවන් පවත්වා ඔවුන් සතු දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගනු ලැබීය.

වාර්ෂිකව පවත්වන ලද මෙම සමුළුවේ අවසන් දිනයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ විදේශීය නියෝජිතයින් සියලුම දෙනාට සිය ස්තුතිය පිරිනැමීය. එමෙන්ම දින දෙක පුරාම විටින් විට සැසිවාරයන් සඳහා සපැමිණි විද්වතුන්ට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව සැලසිණි.

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර හා විදේශ ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර, බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර අධ්‍යයන අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ, ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී (විශ්‍රාමික) ජෙනරාල් බික්‍රම් සිංග් (General Bikram Singh), ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය අමල් ජයවර්ධන සහ සහ එක්සත් ජාතින්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සරලා ප්‍රනාන්දු විසින් දෙදින පුරා ප්‍රධාන සැසිවාරයන් පවත්වනු ලැබීය. Best Sneakers | シューズ