Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2017 16:41:06 Hours

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අතිගරු ජනාධිපතිතුමන් අතින් නිල වශයෙන් විවෘත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන වැඩසටහනක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ අද (28) උදෑසන 7 වන වරටත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් විද්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’හී ප්‍රධාන නියමු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සම්මන්ත්‍රණ භුමියට අතිගරු ජනාධිති සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමඟ ශ්‍රී ලාංකීය සංස්කෘතික බෙරවාදක නැටුම් මධ්‍යයේ සම්මන්ත්‍රණ කටයුතු ආරම්භ වු අතර, විවිධ රටවලින් පැමිණි විද්වතුන්ගෙන් පිරි සභාගැබ වාර්ගීක විවිධත්වය ප්‍රදර්ශනය කෙරුණු අලංකාර අවස්ථාවක් විය.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, අතිගරු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ. ෆැලොන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සී. විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවස් සින්නයියා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු සම්භාවනිය පිරිස් විසින් සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව නිල වශයෙන් සම්මන්ත්‍රණ සැසිවාර ඇරඹු අතර, පිළිගැනීමේ දේශනය යුද්ධ හමුදාධිපති විසින් පවත්වන ලදී.

සම්මන්ත්‍රණයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු දේශීය විදේශීය විද්වතුන් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම පිලිබඳව තම දේශනයේ දී පෙන්වා දුන්හ.

විදේශීය කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රසාද් කාරියවසම්, පොලිස්පති පුජීත ජයසුන්දර මහතා, හිටපු හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් සම්මන්ත්‍රණ ආරම්භක උත්සවයට සහභාගි වුහ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ පිළිගැනීමේ කතාව සම්පුර්ණ සිංහල පරිවර්ථනය පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,

ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,

සියළු ආණ්ඩුකාරවරුන්

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා,

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා,

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා,

ගරු තනාපතිවරුනි, මහකොමසාරිස්වරුනි

අපගේ ප්‍රධාන දේශක ඇමරිකා එක්සත් ජනපද නාවික අද්මිරාල් විලියම් ජේ. ෆැලොන්

සැම්බියා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පොල් මිහෝවා,

පකිස්තානු යුද්ධ හමුදාවේ 11 වැනි සේනාවේ අධිපති ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට්,

ආරක්ෂක මාණ්ඩලික ලේකම් අද්මිරාල් රවි විජේගුණරත්න,

ශාන්තිකර හමුදා නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් රොබට් ජේ. නොබෙල්,

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා

විශීෂ්ඨ දේශකයිනී, සම්මන්ත්‍රණ සැසි ප්‍රධානීන් සහ අනෙකුත් ගරු කටයුතු අමුත්තනි,

සන්නද්ධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කනිෂ්ඨ නිලධාරින්,

සම්භාවනිය ආරාධිතයිනි, ජනමාධ්‍යවේදින් සහ මාධ්‍ය අංශ නිලධාරින්,

නෝනාවරුනි මහත්වරුනි,

ශ්‍රී ලංකා ප්‍රජානත්‍රිවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ඇතුළු භාරදුර රාජකාරි මධ්‍යයේ සපැමිණි අනෙකුත් සම්භාවනිය අමුත්තන් පිලිගනීමින් කථා කරන්නට ලැබීම මා මහත් ගෞරවයක් සහ භාග්‍යක් කොට සලකමි. ලොව විවිධ රටවලින් අපගේ ආරාධනය පිලිගෙන සපැමිණි විශීෂ්ඨ විද්වතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි සභාගැබ හමුවේ නැගි සිටිම මා හට ගෞරවයකි.

කොළඹ ආරක්ෂක සමුළුව, අපගේ සහෝදර රටවල හමුදාවන් සමඟ දැනුම බෙදා ගැනීමේ, අත්දැකීම් හුවමාරු කරගැනීමේ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමේ ආකර්ශනීය සහ ප්‍රයෝජනවත් වේදිකාවක් වශයෙන් සැලකේ. දශක 3 ක් පුරා පැවතුණු රුදුරැ ත්‍රස්තවාදී සංවිධානයක් 2009 වර්ෂයේ අවසානයේ මුලිනුපුටා දැමීමෙන් අනතුරුව එම අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගැනීමේ අරමුණින් වර්ෂ 2011 සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය ආරම්භ කරනු ලැබීය. අනතුරුව, සම්මන්ත්‍රණ සංවිධායක කමිටුව කාලීන වැදගත් තේමාවක් යටතේ සහභාගි වන අයවළුන්ගේ දැනුම ඥාණය පුළුල් කිරීමේ අරමුණින් තවදුරටත් පවත්වාගෙන යාමට තිරණය කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව “අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්‍රවණතා” යන කාලීන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කරන්නට යෙදුනී. ප්‍රචණ්ඩත්වය යනු වර්තමානයේ අප විසින් මුහුණු දෙන ප්‍රබලතම ගැටළුවකි. ඔබ ලොව කොතැනක සිටියත් ප්‍රචණ්ඩත්වය එය ගැටළුවක් නොවේ. ත්‍රස්තවාදය හරහා පැතිර යන ප්‍රචණ්ඩත්වය ලොව නන් දෙසට පැතිර ඇති අතර, සියළු මනුෂ්‍ය වර්ගයා එහි අනීසි ප්‍රතිඵලයන් හී ගොදුරු බවට පත්වී ඇති අතර, අවසනාවන්ත යථාර්තය එයයි.

රුදුරු ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන රාජකාරි වගකීම් ඉටුකිරීම පිලිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇත්තේ මහත් වු අභීමානයකි. මෙම වෘත්තිය පරිණතභාවය තුල දිගු කාලීන උපක්‍රමික උපයෝගිතාවයක් ඇති බැව් මාගේ විශ්වාසයයි. අභිනිශ්චිතභාවය ප්‍රචණ්ඩත්වය සහ වියවුල් බව යුද්ධයේ ස්වභාවයයි. මෙවන් වු සංදර්ශභයක් තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීප්‍රායවන්නේ ප්‍රචණ්ඩත්වය රට තුල නැවත ඇති නොවීමට ක්‍රියාකිරීමත් කලාපිය සහ පොදුවේ ආසියානු කාලාපයේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමත්ය.

ත්‍රස්තවාදය මුලීනුපුටා දැමීමේ සමාජ අත්දැකීම් සම්භාරයක් ද ඉතා හොඳන් පුහුණුව ලැබු වෘත්තිමය හමුදාවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතා නිහතමානිව හා උද්යෝගයෙන් තම වෘත්තිය නිපුණත්වය සහ ශක්තිය ආසියා කලාපයේ සවිමත් ආරක්ෂක සැලැස්මක් වෙනුවෙන් දායක කරලිමටත් කලාපීය ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් බලාපොරෝත්තුවෙන් සිටි.

මේ අවස්ථාවේදි අප සමඟ ප්‍රවීන නම් දැරෑ ජාතික සහ අන්තර් ජාතික විද්වතුන්, බුද්ධිමතුන් සහ තානාපති අංශ නිලධාරින් රැසක් විවිධ ක්ෂේත්‍ර වශයෙන් ඔවුන් සතු පුළුල් දැනුම සහ අවබෝධය අප සමඟ බෙදා හදා ගැනීමටත් කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 සැසිවාරයන් හිදි. එම අදහස් සංකල්ප සාකච්ඡාවට ලක්කිරීමටත් පැමිණ ඇති බැව් මා සඳහන් කරන්නේ අභීමානයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක තුමන්ගේ සහ ආරක්ෂක ලේකම්තුමාගේ නොමසුරු සහයෝගය නොවන්නට මෙය සාර්ථකව සංවිධානය කිරිම නොහැකිවන්නට තිබු හෙයින් මෙහීලා ඔවුන්ගේ දායකත්වය විශේෂයෙන් සිහිපත් කරමි. යුද්ධයෙහි නිපුණ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 කමිටුවේ සංවිධානාත්මක හැකියාව මෙවන් ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමෙන් ඔවුන් මනාව ඔප්පු කර ඇත.

ඔබ සියලු දෙනාම සහයෝගය සහ උනන්දුව පැවරි තිබු කාර්යභාරයන් විශීෂ්ඨ ලෙස උද්යෝගයෙන් ඉටු කිරීමට මහත් රුකුලක් වු බැව් ද මා සිහිපත් කරමි.

නැවත වතාවක් අතිගරු ජනාධිපතිතුමන්ට, කාර්යබහුල දින චර්යාව මධ්‍යයේ මෙම අවස්ථාවට සහභාගිවිම ගැන කෘතඥතාවය පලකරමි.

මේ අවස්ථාවේදි ආරම්භකා දේශනය පැවැත්විම සඳහා ආරක්ෂක ලේකම්තුමාට මා ගෞරවයෙන් ආරාධනා කරමි. කපිල වෛද්‍යරත්න ආරක්ෂක ලේකම්තුමා ගැන මා කිසියම් සඳහනක් නොකලේ නම් එය අද දවසේ මාගෙන් සිදුවු අඩුපාඩුවක් යැයි සිතමි.

Sportswear Design | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival