Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘කිරන්කුලම’ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ‍වෙරුගල් ප්‍රාදේශිය සභාවට අයත් ඉච්චලන්පත්තුහි 'කිරන්කුලම' මධ්‍යම ප්‍රමාණයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අගහරුවාදා (9) උදෑසන භට පිරිස් විසින් ආරම්භ කරන ලදි.

‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන අත්හැර දමන ලද කෘෂිකාර්මික වැව් 33 ක් අතුරින් මෙම ව්‍යාපෘතිය ද එකක් වන‍අතර, ඉතා කෙටි කලකදී මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතව ඇත.

හින්දු ආගමික පූජකයකු ගේ චාරිත්‍රානුකූල ආශිර්වාද මැද වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට (SLE) අයත් ‍භට පිරිස් විසින් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට සිදුකරනු ඇත.

jordan release date | Nike