Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2018 10:22:21 Hours

‘කමාන්ඩෝ අභියෝගතා - 2018’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය සාර්ථකව අවසන්

‘කමාන්ඩෝ අභියෝගතා - 2018’ කමාන්ඩෝ සුපර් ‌‌ ක්‍රොස් ‌ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉරිදා (05) දින ආකර්ෂණීය වර්තා රැසක් සමගින් කුඩා ඔය ධාවන පථයේ දී නිමාවට පත්විය.

මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) සහ ශ්‍රී ලංකා CEAT ආයතනය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරනු ලැබු අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිශය වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙය සංවිධානය කෙරේ. තවද සියවස් ගණනාවකට පෙර ඉතිහාසයේ දුටුගැමුණු රජුගේ ප්‍රධාන සටන්කරුවන්ගේ පුහුණු භූමියක්ව පැවැති මෙම ධාවන පථය රටෙහි වේගවත්ම ධාවන පථය මෙන්ම දීර්ඝතම, පළල්ම සහ ශ්‍රී ලංකා ලංකාවේ පළමු ධාවන පථය ද මෙය වේ.

මෙම ධාවන තරඟාවලිය මෝටර් රථ ධාවන ඉසව් 12 ක් සහ යතුරු පැදි ධාවන ඉසව් 10 කින් සමන්විත වු අතර ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ (SLARDAR) උපදේශකත්වය මත පුහුණුවලත් දිවයිනේ දක්ෂතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගි විය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

යොවුන් ක්‍රීඩකයන් සඳහාම නිර්මාණය වූ මෙම තරඟාවලියේ තරඟ ඉසව්වන්හි ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ මුදල් ත්‍යාග යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පිරිනමනු ලැබීය.

Sports News | Mens Flynit Trainers