Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘අරුණලු’ පුණ්‍ය වැඩසටහන අරලගංවිල කන්දේගම පාසලටත්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘අරුණලු’ පුණ්‍ය වැඩසටහනේ සාමාජිකයින් අරලගංවිල ප්‍රදේශයේ පිහිටි කන්දේගම පාසලේ ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, ‘අරුණලු’ පුණ්‍ය වැඩසටහනේ සභාපති සංජිව සිරිවර්ධන මහතා සහ 23 වන සේනාංකයේ භට පිරිස් එක්ව සඳුදා (20) දින එම පාසලේ දී මෙම වැඩසටහන දායක විය.

එදින දවසපුරා මෙම වැඩසටහන පැවති අතර එහිදි ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සහ පොළොන්නරුව රෝහලේ දන්ත වෛද්‍ය අංශය විසින් සෞඛ්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නුවන් කුලසේකර හා සචිත්‍රි සේනානායකගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරඟයක් ද පැවැත් විය.

මෙම වැඩසටහනේ දෙවන සැසිය නලීන් පෙරේරා මහතා ඇතුළු ‘මේරියන්ස්’ සංගිත කණ්ඩායම විසින් පවත්වන ලද සංගිත ප්‍රසංගයකින් වර්ණවත් විය.

වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් පාසලේ ගෘහ විද්‍යා අංශය වෙත රුපියල් 500,000 / = ක් වටිනා ලිපි ද්‍රව්‍ය, රසායනාගාර උපකරණ, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ හා වෙනත් උපකරණ පරිත්‍යාග කරන ලදි.

අවසානයේ කන්දේගම පාසලේ විදුහල්පතිතුමන් විසින් 'අරුණළු' පුණ්‍ය වැඩසටහන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු සාමාජිකයන්ගේ සම්බන්ධිකරණයෙන් සිදු කළ මෙම මහගු කටයුත්ත වෙනුවෙන් සිය කෘතඥතාව දීර්ඝ කරන ලදී.

short url link | Air Jordan