Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 18:17:21 Hours

‘අභිමංසල - 3’ හි 4 වන සංවත්සරය සමරමින් සර්ව රාත්රීක පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්

පාන්ගොල්ල පිහිටි ‘අභිමංසල - 3’ සුවසහන මධ්‍යස්ථානයේ 4 වන සංවත්සරය සමරමින් ආශිර්වාද පතා සිකුරාදා (25) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා මහා දානමය පුණ්‍යකර්මයක් සිදුකරන ලදි.

සුවසහන මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ උපදෙස් පරිදි වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව සඳහා වැඩමකරවු මහා සංඝරත්නය මහත් භක්තියකින් යුතුව පිළිගත්හ.

රට දැය වෙනුවෙන් මියගිය හා රණක්ෂිතයට පත් සියළුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පතා පවත්වනු ලබන මෙම ආගමික වතාවත් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් ද සහභාගී වු අතර මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් දැහැත් වට්ටියක් පුජා කරමින් පිරිත් සජ්ඣායනාව සඳහා මහා සංඝරත්නය වෙත ඇරයුම් කරනු ලැබීය. සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව අවසානයේ උදෑසන හීල් දානය මහා සංඝරත්නය වෙත පිරිනැමීම සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් ද එක්වූහ.

මේ අතරතුර, අභිමංසල - 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් විසින් සිංහල සහ හින්දු නව අවුරුදු උත්සවයක් එම මධ්‍යස්ථාන ක්‍රීඩාපිටියේ දී සංවිධානය කර තිබු අතර ඔවුන් දිනය පුරා පැවති සම්ප්‍රදායික හා විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩා තරඟ සඳහා ද සහභාගි වුහ.

Sportswear Design | Sneakers