Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2018 13:47:43 Hours

‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2018’ විශිෂ්ඨ වාර්තා සමඟින් අවසන් වේ

‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි සදුදා (24) දින නිමාව දුටු අතර අවසන් මහා තරඟයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය.

එහිදි, යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ ගරු සභාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබීය.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන ආලෝකවත් කරන ලදී.

මෙහිදි පැවැත්වු නිලධාරී (විවෘත) අවසන් තරඟය සහ පිරිමි (විවෘත) අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වූහ.

ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා ස්කොෂ් කණ්ඩායම කාන්තා (ආධුනික) ශූරතාවය දිනා ගැනීමට සමත්වූ අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකා ස්කොෂ් කණ්ඩායමට.

මෙහිදි (ආධුනික) ශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම හිමිකරගත් අතර, එහි අනූශූරතාවය ගැමුණු හේවා බලකා කණ්ඩායම සතුවිය.

ම‍ෙම වසරේ විවෘත (පිරිමි) ශුරතාවය ගජබා රෙජිමේන්තුව හිමිකරගත් අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සතුවිය.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන, පදක්කම් හා සහතික පත් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන් හා පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.

අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පිරිමි අවුරුදු 50 වැඩි තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය ලුතිනන් කර්නල් එස් එච් පී. ඩි. තිලකරත්න හිමිකරගත් අතර, දෙවන ස්ථානය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හිමිකර ගනු ලැබීය. තෙවන ස්ථානය බ්‍රිගේඩියර් ජේ. සී. ගමගේ හිමිකර ගත් අතර, ජයග්‍රාහි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සම්මාන ප්‍රධානය කරනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ස්කොෂ් කමිටු සාමාජික (විශ්‍රාමික) එම්.එල්.කේ. කුරේ මහතා හට විශේෂිත ගෞරව සම්මානයක් සහ මුදල් ත්‍යාග ප්‍රධානය කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණ පිරිනමමීන් එතුමන්ගේ පැමිණිම පිළිබඳව ස්තූතියද පුදකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. Sports News | Nike for Men