Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2018 10:42:03 Hours

‘ARFRO Masterminds’ තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරණු ලැබු Masterminds Competition-2018 ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදි සෙනසුරාදා (01) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 88 ක් තරඟ වැදුනු අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නිලධාරින් 54 ක්, නාවික හමුදා නිලධාරින් 19 ක් සහ ගුවන් හමුදා නිලධාරින් 15 දෙනෙකු තරඟ අදියරයන් තුනක් යටතේ තරඟ වැදුනි. තවද ඒ තුළින් හමුදාමය කටයුතු සම්බන්දව සාමාන්‍ය දැණුම, සමාජ ගැටළු, වර්තමාන ගෝලීය ප්‍රවණතා ආදී ක්‍ෂෙත්‍රයන් පිළිබඳ විචාරයට ලක් කරණු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමයේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් රත්නක්‍රීර්ති විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව මෙම සංගමයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් උපුල් පෙරේරා සිදු කළ ඉදිරිපත් කිරිමකින් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුවහන් විය. තවද මෙහිදි වෛද්‍ය ඒ. ආර්. කොළොන්නේ මහතා විසින් ආරාධිත දේශණය සිදු කරණු ලැබීය.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග, පදක්කම් සහ මූල්‍යමය ත්‍යාග ප්‍රධානය කරණ ලදි. ගුවන් හමුදා කණ්ඩායම තරගයේ වැඩිම ලකුණු ලබාගනිමින් හොඳම කණ්ඩායම ලෙස පත්වු අතර නාවික හමුදා කණ්ඩායම සහ යුද්ධ හමුදා කණ්ඩායම පිළිවෙලින් තරගයේ දෙවන හා තෙවන ස්ථානයන් දිනාගත්හ. තවද යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවේදි කෙට් දේශනයක් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ත්‍රීවිධ හමුදා පුහුණූ අධ්‍යක්‍ෂ නිලධාරින්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක තුමන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් සහ විශ්‍රාමික හා සෙවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running sport media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth