Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ළමුන් සඳහා ‘පෞරුෂ සංවර්ධන’ වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත මොණරාගල පාසල් සිසුන් 60 ක් සඳහා ඔක්තෝබර් මස 31 සිට නොවැම්බර් මස 01 දක්වා දියතලාව, ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ දී නායකත්ව වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහනේ දේශන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් 10 දෙනෙකු විසින් පවත්වන ලදි.

එහිදි පෞරුෂ සංවර්ධනය, ශාරීරික අභ්‍යාස තුළින් පෞරුෂ සංවර්ධනය ආදිය හා වෙනත් අදාළ කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිනි.

තවද එහි ආරම්භක දේශණය සහ අවසන් දේශණය ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බි.එම්.ආර්.ජේ. බණ්ඩාර විසින් සිදු කරන ලදි.

මෙම වැඩසටහන මේ සඳහා සහභාගි වූ ළමුන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරිනි.

ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලුතිතන් කර්නල් එච්.ඩි.ජේ.පි. වීරතුංග මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, උපදේශකයින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Best Sneakers | Nike Shoes