Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2016 12:45:15 Hours

හින්දුබෝරී බාදලදක්ෂ ජම්බෝරියෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට ආරාධනා

යාපනය හින්දු විද්‍යාලයේ රෝවර් බාලදක්ෂ සමූහය විසින් හින්දුබෝරි ශත සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ජම්බෝරිය සෙනසුරාදා (10) දින පවත්වනු ලැබීය. යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය, පන්ඩියන්කුලම් මහා විද්‍යාලය සහ කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් මෙම ජම්බෝරිය සඳහා එක් විය. කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා හට මෙම ජම්බෝරිය සඳහා ආරධනා කළ අතර, 65 වන සේනාංකයේ 653 වන බලසේනාවේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් මෙම ඉසව්ව සංවිධානය සඳහා පහසුකම් සලසන ලදී. සංවිධායකින් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා හට මෙම ජම්බෝරිය සඳහා සහභාගි වීම නිමිත්තෙන් සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබූහ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, පාසල් බාලදක්ෂයින් විශාල පිරිසක් ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක් වූහ.Best Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos