Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2018 10:00:17 Hours

හසලක ගාමිණී විරුවාගේ සදාකාලීක මතකයන් සිහිපත් කරමින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි

අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍ර‍ස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වන අනුස්මරණ උත්සවයට සමගාමීව, අලිමංකඩ හසලක ගාමිණී ස්මාරකය අභියස දී ජූලි මස 13 සහ 14 දිනයන්හිදි සැමරුම් උත්සව මාලාවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම රණවිරු සැමරුම් උත්සව මාලාවට සමගාමීව 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චම්පික රණසිංහ සහ එම බලසේනාවේ භට පිරිස්හි පූර්ණ සහයෝගය ඇතිව සිකුරාදා (13) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හිල් දානය පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා රට වෙනුවෙන් දිවිපිදු අභිත රණවිරුවාගේ ආදරණීය මෑණියන් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙන්ම යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි විය.

ආගමික වැඩසටහන්වලින් අනතුරුව, සෙනසුරාදා (14) දින පැවැති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවාගේ මතකයන් සිහිපත් කරමින් හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අභියස සදාතනික පහන ආලෝකමත් කරමින් පුෂ්පෝපහාර පුද කරනු ලැබීය. මෙම සැමරුම් උත්සවයේ දී විරෝධාර රණවිරුවාට ගෞරව දැක්වීම සඳහා රට වෙනුවෙන් දිවිපිදු කෝප්‍රල් හසලක ගාමීණි කුලරත්න රණවිරුවාගේ ආදරණීය මැණියන් වන එස්.ජි. ජූලියට් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 662 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද එක්ව සිටියහ.

රට වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවාගේ පිළිරුව අභියස පොල්තෙල් පහන් සියගණනක් දැල්වමින් හමුදා සම්ප්‍රදායානුකූල හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදයෙන් අනතුරුව සැමරුම් උත්සවයේ වැඩ කටයුතු අවසන් විය. latest Nike release | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret