Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2017 10:32:43 Hours

හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා ඉන්දිය හමුදා නියෝජිතයින් පිරිසක් කොළඹට

හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා (6th AAST) සඳහා සහභාගි වන ඉන්දිය යුධ හමුදාවේ මේජර් ජෙනරාල් සංජය තාපාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස තෙදින සංචාරයක් සඳහා (21) සන්ධ්‍යාවේ දී දිවයිනට පැමිණෙන ලදි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි ඉන්දිය නියෝජිත පිරිස ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජිතයින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ශ්‍රී ලංකාව තුළ ගත කරන කාලය තුළදි මෙම විශේෂ නියෝජිත පිරිස ක්‍රීඩා වැඩසටහන්, මුලධර්ම සංවර්ධනය, ද්විපාර්ශ්විය හමුදා සම්බන්ධතා වැඩි දියුණු කිරිම මෙන්ම පුහුණුව පරිපාලන කටයුතු සහ සුභ සාධන කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

බ්‍රහස්පතින්දා (23) දින මෙම නියෝජිත පිරිස යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපතිතුමා හමුවිම මෙන්ම ගාල්ල සහ හික්කඩුව ප්‍රදේශයන් හී සංචාරයක නිරත විමට නියමිතය. එමෙන්ම, මෙම නියෝජිත පිරිස බත්තරමුල්ල පිහිටි ඉන්දිය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්ප උපහාර දැක්විමේ අවස්ථාවකට ද සහභාගිවිමට නියමිතය.

මෙම හයවන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මණ්ඩලික සාකච්ඡාව (6th AAST) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ සහ යුද හමුදා මුලස්ථානයේ පැවැත්විමට නියමිතය.

වැඩි විස්තර සදහා

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාව ආරම්භ වේ.

හමුදා මාණ්ඩලික සාකච්ඡාවට පැමිණි ඉන්දිය යුද හමුදා නියෝජිතයන් යුද හමුදාපතිතුමන් හමුවේ.

6 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දිය නියෝජිතයින් ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කරයි

Running sneakers | Nike Shoes