Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2018 07:58:21 Hours

හමුදා වෛද්‍ය ‍විද්‍යාතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය ආරම්භවේ

තෙදිනක් පුරා පවත්වනු ලබන ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උළෙල සන්නද්ධ ‍හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ දී 2018 මාර්තු මස 23 වන දින පැවැත්වීමට නියමිතය.

හමුදා වෛද්‍ය අංශයේ නව පිටුවක් පෙරළමින් ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් 400 ක පමණ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය ආරම්භ වූ අතර 2016 මාර්තු මස 18 වන දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පළමු අධ්‍යයන සැසිය පවත්වන ලදී.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය පසුගිය වසර කිහිපය තුලදී හමුදා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීමය වැඩි දියුණුව සඳහා ක්‍රියාකල අතර ලොව පුරා රටවල් 120 ක සමාජිකත්වය දරණ ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ සමාජිකත්වය ද හිමි කරගෙන ඇත.

ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් බී පුරී වීඑස්එම් පීඑච්එස් (Lieutenant General B Puri VSM PHS ) විසින් එළැඹෙන අධ්‍යයන සැසියේ ප්‍රධාන දේශණය පවත්වනු ලබන අතර ‘නිවර්තන කලාපීය රෝග පිළිබඳව නොසැලිකිලිමත් බව සහ හමුදා වෛද්‍ය විද්‍යාව’ (‘neglected tropical diseases and military medicine’), ‘මුහුණ පිළිබඳව සංවේදීතාව හා ඒ පිළිබඳ පුළුල් විග්‍රහය’ (‘facial aesthetic and comprehensive approach’), ‘ගුවන් ප්‍රවාහන වෛද්‍ය විද්‍යාව - දිය යට අන්තරායන් තුලින් ඉදිරියට යාම’ (‘aviation medicine - a way forward and dangers in the underwater environment’) වැනි මාතෘකා මෙම සම්මන්ත්‍රණ සැසිය තුලදී විද්වතුන්ගේ සාකච්ඡාවට බදුන්වේ.

‘දියවැඩියාව රෝගය හටගැනීම පාලනය’ (‘management of diabetic foot’), ‘පියයුරු පිළිකාවේ වත්මන් තත්ත්වය’ (‘current management of breast carcinoma’), ‘කාන්තා ‍සෙබලියන්ට මුහුණ පෑමට සිදුවන වෛද්‍යමය අභියෝගයන්’ (‘medical challenges of female combatant’), යුදමය වතාවරණයේදි සිවිල් සමාජයේ වෛද්‍යවරුන්ගේ වගකීම්’ (‘responsibilities of a civil general surgeon during war time’), ‘රොබෝ සැත්කම්’ (‘robotic surgery’), ‘ආපදා අවස්ථාවන්හිදි මරණ ඇතිවීම පාලනය සහ පළමුව ප්‍රතිචාර දක්වන්නන්ගේ කාර්යභාරය’ (‘management of dead in disaster; role of the first responders’), ‘රසායනික, ජෛව, විකිරණශීලි, න්‍යෂ්ඨික යුද්ධය සහ වෛද්‍ය ආචාර ධර්ම’ (‘CBRN warfare and medical ethics’) යන කරුණු පිළිබඳව විශේෂඥයින් විසින් මෙම සැසිවාරය තුලදි දේශණ පවත්වනු ලබයි.

පසුගිය වසර තුලදී, මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය මගින් අධ්‍යාපනික හා සාමාජීය ක්‍රියාකාරකම් රැසක් සිදුකරන ලද අතර ඒ අතරින් හමුදා වෛද්‍ය විද්‍යාතනයේ සාමාජිකයින් හට තම වෘත්තීය සංවර්ධනය සඳහා වැඩමුළු 06 ක් පැවැත්වීමත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඉන් සිවිල් වැසියන් 1200 ක් සඳහා බාහිර වෛද්‍ය සායනයන් ද පැවැත්වීම සුවීශේෂි වේ.

තවද, හමුදා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු, නවෝත්පාදනයන්, පුහුණු කටයුතු හා උපදේශණ කටයුතු ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ අරමුණ වන අතර දර්ශණවේදි උපාධි සහ පශ්චාත් උපාධි වැනි සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවන් හමුදා වෛද්‍ය නිලධාරින් සහ දන්ත වෛද්‍ය නිලධාරින් සඳහා සලසාදීම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය මගින් ලබාදෙනු ලබයි.

Asics shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov