Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2018 13:55:31 Hours

හම්බන්තොට ප්‍රදේශයේ සිසුන් 3000 කට අධ්‍යාපනික උපකරණ බෙදාදේ

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ බඳගිරිය මහා විද්‍යාලයේ පාසල් ළමුන් 3000 කට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 122 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (30) දින පවත්වනු ලැබීය.

122 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්. ආර්. එම්. එම්. රත්නායක ගේ ඉල්ලීමකට අනුව ‘Hope Scope Foundation’ ආයතනය විසින් මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාකත්වය දැක්වීය.

මෙම පරිත්‍යාගයන් සඳහා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තෝරාගත් පාසල් 9 ක අඩු ආදායම් ලාභි පවුල්වල ළමුන් තෝරාගැණිනි.

මෙම අවස්ථාව සඳහා 122 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ‘Hope Scope Foundation’ ආයතනයේ නිලධාරින්, හමුදා නිලධාරින්, පාසල් ගුරුවරුන් සහ ශිෂ්‍යයින් පිරිසක් සහභාගිවිය. Asics footwear | NIKE AIR HUARACHE