Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2018 11:52:00 Hours

සුරියවැව සහ මහින්දපුර ප්‍රදේශයන්හි සිසුන්, රෝගීන් හා ගැබිණි මවුවරුන් සියගණනක් සඳහා අත්‍යාවශය ද්‍රව්‍ය තොගයක් බෙදාදෙයි

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් භාතිය ජයවීර සහ විශ්‍රාමික කපිතන් ජයන්ත උඩුලගම එක්ව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස CINEC Campus හී ප්‍රධාන කළමණාකාර දිල්රුක්‍ෂි ගන්ගොඩගේ මහත්මිය සහ තරංගා ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම CINEC Campus හි මුදල්, ව්‍යාපෘති, මෙහෙයුම් හා ගබඩා අංශයන්හි කාර්ය මණ්ඩලයේ අනුග්‍රාහකත්වය ඇතිව නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙලෙන පිරිමි රෝගීන් 25 ක්, සුරියවැව ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් 25 ක් සහ සුරියවැව සහ මහින්දපුර ප්‍රදේශයන්හි ප්‍රාථමික විද්‍යාල සිසුන් සඳහා සෞඛය සම්පන්න ආහාර, පෝෂ්‍ය පදාර්ථ, අත්‍යාවශය ළදරු සත්කාරක නිෂ්පාදන, පාසල් උපකරණ සහ පාවහන් ඇතුළු අත්‍යාවශය ද්‍රව්‍ය තොගයක් බෙදාදුන්හ.

මෙම උත්සවය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් වැලිකන්ද සුරියවැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී සංවිධානය කරනු ලැබු අතර එහිදි පරිගණක සහ පුස්තකාල පොත් තොගයක් ද පරිත්‍යාග කළහ.

එමෙන්ම, 222 වන බලසේනාවේ ප්‍රධානත්වයෙන් සඳුදා (17) දින සිවිල් අනුග්‍රහකයින් කිහිපදෙනෙකුගේ දායකත්වය යටතේ මහින්දපුර සේරුනුවර තපස්සරලෙන විහාරස්ථානයේ දී අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් දියත් කරනු ලැබීය. එහිදි පාසල් සිසුන් 110 දෙනෙකු සඳහා පාසල් උපකරණ, නිල ඇඳුම්, වතුර බෝතල්, පාවහන් සහ අභ්‍යාස පොත් තොගයක් බෙදාදුන්හ. මෙම වැඩසටහන නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහය ඇතිව 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී. short url link | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov