Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2018 17:55:46 Hours

සිවිල් වැසියන්ට රැකියා අවස්ථා ලබාදිම සඳහා කිලිනොච්චි භට පිරිස්හි සහාය

කිලිනොච්චි හා අවට ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් මාස් හෝල්ඩින් (පුද්ගලික) සමාගම සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව 57 වන සේනාංකය විසින් අඟහරුවාදා (11) දින ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 572 වන සේනාංක මූලස්ථානය, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමූළු බලප්‍රදේශයන්හි රැකියා අපේක්‍ෂිත අයඳුම්පත් කැඳවු 163 දෙනෙකු සම්මුඛ පරික්‍ෂණය සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන්ගෙන් පිරිමි 98 දෙනෙකු සහ කාන්තාවන් 20 දෙනෙකු එම සමාගම විසින් රැකියා අවස්ථා ලබාගැනීමට සුදුසුකම් ලබා සිටිති. එහිදි සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ මාස් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ නියෝජිතයින් තෝරාගත් අයදුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් නුඳුරේදී රැකියා අවස්ථා ලබාදීමට සහතික විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් කිලිනොච්චි ජනතාව වෙනුවෙන් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.Running sports | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth