Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2018 14:15:31 Hours

සිව්වන දමිළ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් ප්‍රදානය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව පූරා මාසයක් පැවැත්වූ සිව්වන දමිළ භාෂාව කථා කිරීමේ පුහුණු පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්‍රදානෝත්සවය බදාදා (28) දින පවත්වනු ලැබීය.

නෙළුම්පියස ශ්‍රවණාගාරයේ පැවැති සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගි වූ අතර පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 750 දෙනෙකු අතරින් පළමු දස දෙනා වෙනුවෙන් එතුමන් සහතිකපත් පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

පසුගිය මාස නමයක කාලය තුල කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 3103 දෙනෙකු දමිළ භාෂා පාඨමාලාව හදාරා ඇති අතර, කිලිනොච්චි ප්‍රදේශයේ දමිළ භාෂාව පුළුල් ලෙස භාවිතා වන හේයින් යුද්ධ හමුදා සාමාජිකයින්ට දමිළ භාෂා පිළිබඳ දැනුම බෙහෙවින් ඉවහල්වනු ඇත.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් අතිරේක ලේකම් එස්. සත්‍යසීලන්, නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, ප්‍රදේශයේ හින්දු සහ මුස්ලිම් පූජකවරුන් රැසක් ද එක්ව සිටියහ.

short url link | nike fashion