Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2018 11:47:12 Hours

සිලාවතුරේදි සිවිල් වැසියන් 500 කට අධික ප්‍රමාණයකට ජංගම වෛද්‍ය සායනයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ‘ජයග්‍රහණය’ පදනමේත් මහනුවර මහ රෝහල සහ විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයත් එක්ව සංවිධානය කරනු ලැබු වෛද්‍ය සායනයක් සහ වෛද්‍ය කඳවුරක් අඟහරුවාදා (6) දින උදෑසන මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදි 54 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පැවැති අතර එහිදි සිවිල් වැසියන් 500 කට අධික ප්‍රමාණයක් සඳහා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදෙනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ අධික්‍ෂණය යටතේ 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.එච්.ඒ.එස්. බණ්ඩාර ගේ මගපෙන්වීම හා ආරාධනයකට අනුව සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයින් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සායනය පවත්වනු ලැබු අතර එමගින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් බොහෝ පිරිසකට වෛද්‍ය ආධාර සහ උපදේශණය ලබාගැනිමට හැකිවිය.

මෙම වැඩසටහනට සහභාගී වූ පිරිස වෙත 54 වන සේනාංකයේ භට පිරිස් විසින් ආහාර පාන සපයමින් සංග්‍රහා කරනු ලැබීය.

එම අවස්ථාවේදී ප්‍රදේශයේ තෝරාගත් පවුල් 78 ක් සඳහා දින 30 කට ප්‍රමාණවත් සහල්, පරිප්පු, සීනි, කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර පාර්සල් තොගයක් බෙදාදෙනු ලැබීය.

පූජ්‍ය මහවිලච්චියේ විමල හිමියන් ගේ උපදෙස් මත වෛද්‍ය ජීවක මහතා සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍යයින් පිරිසක් මෙම වැඩසටහන සඳහා ඖෂධ ලබාදෙමින් අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා විවිධ ආගමික පූජකවරුන්, 542 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් අයි.එම්.ආර්.කේ. හේරත්, 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගේ සහයෝගීතාවය ද මෙම වැඩසටහන සදහා හිමිවිය.

542 බලසේනාවේ බලසේනාධිපති ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ, 22 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි හා එම රෙජිමේන්තුවෙ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ජංගම වෛද්‍ය කඳවුර හා සායනය පැවැත්වීම සදහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරනු ලැබීය.best Running shoes | nike fashion