Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිංහ සාමාජයේ සහයෝගය ඇතිව කිලිනොච්චි භට පිරිස් ප්‍රජා සත්කාර වැඩසටහනක

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ඉල්ලීමකට අනුව පෑලියගොඩ සිංහ සමාජය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම් ලාභී ජනතාව වෙත ලිපි ද්‍රව්‍ය, ඇස්කණ්ණාඩි සහ රෝද පුටු පරිත්‍යාගය කිරීම ඉරිදා (02) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.

ඒ අනුව පාසල් සිසුන් 150 ක් වෙත ලිපිද්‍රව්‍ය තොගයක්, අක්ෂි සායනයක් පවත්වා දෘශ්‍යාබාධිත පුද්ගලයින් 350 ක් වෙත ඇස්කණ්ණාඩි සහ ආබාධිත පුද්ගලයන් තිදෙනෙකු සඳහා රෝද පුටු ද මෙහිදි බෙදාදෙන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා සහභාගි වූ අතර, එම මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන, පෑලියගොඩ සිංහ සමාජයේ සභාපති සිංහ තිලක් ප්‍රනාන්දු, ලේකම් කාන්තා සිංහ කුසුම් අමරතුංග, සිංහ ඇලෙක්ස් පොන්වීර, කාන්තා සිංහ දිල්රුක්ෂි ලිවේරා මෙන්ම එම සිංහ සාමාජයේ අනෙකුත් සාමාජිකයින් සහ යුද්ධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

57 වන සේනාංකයේ සහ 571 බලසේනාවේ සම්බන්ධීකරණයෙන් 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භට පිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සිදු කළහ.

Nike air jordan Sneakers | Nike Air Max 270