Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2016 13:33:37 Hours

සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ

අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයකට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අවස්ථාවට සපැමිණි අතර, මියගිය රණවිරුවන්ගේ සිය ගණනක් වූ ලඟම ඥාතීන් තමන්ගේ ආදරණීයයන් හට ගෞරව දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් පිළිගත් අතර, අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.

ධජ එසවීමේ අවස්ථාවට පසුව ඔහු වැඩසටහනේ ඉතිරි අදියරයන් සඳහා සහභාගී විය.

අනතුරුව, රැස්ව සිටි මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, දූ දරුවන්, ළඟම ඥාතීන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, සේවයේ යෙදී සිටින නිලධාරීන්, සෙසුනිළයින් සහ ආරාධිතයින් ඇමතීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට ආරාධනා කරන ලදි. මෙහිදී එතුමා විසින් තමන් සේවය ලබාදුන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සිදුකරන ලද කැපකිරීම් සිහිගන්වමින් තම දේශණය සිදුකරන ලදි.

මෙහිදී ප්‍රධාන උත්සවය ආරම්භ කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභිමුඛයේ පිහිටි සදාකාලික පහන සංකේතාත්මකව දැල්වීම සිදුකළ අතර, ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මියගිය රණවිරුවන් සිහිගන්වමින් පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

එමෙන්ම, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ආරාධිතයින් සහ ළඟම ඥාතීන් මියගිය රණවිරුවන් සිහිකරමින් එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

එමෙන්ම, එම අවස්ථාවේදී මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් එක් පෙළකට එක්වී දිග හරින ලද සිංහ රෙජිමේන්තු ධජයන් තිරස් අතට තබමින් මළවුන් සිහිකිරීම සඳහා සිදුකරනු ලබන වාදනය මධ්‍යයේ තම මියගිය ඥාතීන් හට ගෞරව පුදන ලදි. මෙම අවස්ථාව රැස්ව සිටි පිරිසගේ දෙනෙතට කඳුළු ද එක් කළහ.

මෙම උත්සවයේ මීළඟ අදියරේදී සිංහ රෙජිමේන්තු කෞතුකාගාරය තුලදී රණක්‍ෂිතයට පත් එම රෙජිමේන්තු සෙබළුන් හට ත්‍යාග පාර්සල් බෙදාදීම ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදුකෙරිණි.

මෙහිදී ආබාධිත රණවිරුවන් වෙත රෝද පුටු 07 ක්, අත්වාරු 07 ක් සහ කෘතිම පාදයක් පරිත්‍යාග කෙරිණ.

එදින සන්ධ්‍යාවේ ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගමික වතාවත් වරකාපොල හා කීනදෙණිය ප්‍රදේශයන්හි පිහිටි එම ආගමික ස්ථානවල සිදුකරන ලදි. මේ සඳහා සිංහ රෙජිමේන්තු පවුල්වලට අයත් සාමාජිකයින් ද එක්වූහ.

එදින අවසන් භාගයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනාවක් සිදුකළ අතර, ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ඉතා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවන ලදි. පසුදින (25) උදෑසන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පවත්වනු ලබන දානමය පිංකමට අනතුරුව මෙම උත්සවයේ වැඩකටයුතු අවසන්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා ආරාධිතයින් ද එක්ව සිටියහ.

Authentic Nike Sneakers | Nike Releases, Launch Links & Raffles