Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2017 20:39:44 Hours

සිංගප්පුරු ජාතික පරිත්‍යාගශීලින් වෙතින් යුද්ධ හමුදා රෝහල වෙත වෛද්‍ය උපකරණ

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ උත්සවය (12) දින සන්ධ්‍යාවේ එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

දැනට ක්‍රියාත්මක වන වෙසක් උත්සවයට සමගාමීව යුද්ධ හමුදා රෝහලේ පැවති මෙම වැඩසටහන සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ව්‍යාපෘති කළමණාකාර පුජ්‍ය ආචාර්ය කරවෙටයාන ගුණරතන ස්වාමින් වහන්සේ ඇතුලු සිංගප්පුරු ජාතික පරිත්‍යාගශීලින් 20 දෙනෙකු සහභාගි වු අතර, එහිදි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත සංකේතාත්මකව එම උපකරණ ප්‍රදානය කිරීම සිදුවිය.

මෙහිදි උත්සව සභාව ඇමතු පුජ්‍ය ආචාර්ය කරවෙටයාන ගුණරතන ස්වාමින් වහන්සේ විසින් මෙම සුහද සංකේතාත්මක ප්‍රදානය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය.

විදුලි ඇඳන් 20 ක්, රෝදපුටු 20 ක්, සේලයින් රඳවන 15 ක්, අත්වාරු 5ක්, රැගෙනයා හැකි චූෂණ යන්ත්‍ර 5 ක්, මෙම පරිත්‍යාග සඳහා ඇතුලත් වුහ.

යුද්ධ හමුදා සෞඛය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ.පි. සුමනපාල ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

latest Nike release | Shop: Nike