Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 18:13:34 Hours

සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටියේ දී

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය (FWDC) සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් ධාවන පැදි ධාවකයින්ගේ සංගමය (SLMRC) සමඟ එක්ව වාර්ෂික 8 වන වරටත් සංවිධානය කරනු ලැබූ සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ තරඟාවලිය ඇඹිලිපිටිය, මෝටර් ක්‍රොස් ධාවන පථයේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දිනයන්හි දී පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර, මෙම තරඟාවලිය Off Road ඉසව්ව හා මෝටර් ධාවන පැදි ඉසව්ව (Motorbike Race) යනුවෙන් කොටස් දෙකකට පැවැත්විණි.

Off road ඉසව්ව Touring Standard, Touring Modified, Extreme under 3000 cc සහ Extreme Over 3000 cc ඛණ්ඩ යන කොටස් 4 ක් යටතේ පැවැත්විණි. තරඟාවලියට දේශීය සහ විදේශීය නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක්ම සහභාගි වු අතර, මෙම අවස්ථාව දැක බලාගැනීම සඳහා මොටර් රථ ක්‍රීඩා ලෝලීන් රැසක් පැමිණ සිටියහ.

ස්වභාවික බාධකයන්ට අනුරූපවන ලෙස නිර්මාණය කරන ලද ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු පුහුණු පාසල (SLSME) තුල පිහිටි ධාවන පථයේදී මෙම තරඟාවලිය පැවැත්විණි.

ධාවන පථයට අනුගතවීම සඳහා ධාවකයින් ජාත්‍යයන්තර තරඟයක ආකාරයට තරඟාවලියට පෙර පුහුණුවීම් ද සිදු කරන ලදී. මෙම ධාවන පථයේ විශේෂත්වය වන්නේ ධාවකයන් හට අභියෝගාත්මක වන බාධක තරණය කිරීමේ ඉසව් කෘතීමව නිර්මාණය කර ඇති අතර එම ධාවන පථය මඩ කඩිති, ජලය පිරි පවතින ස්ථාන, ලී දඩුවලින් සැදු පාලම්, කඳු ගැටි තරණය කිරිම් ආදි විවිධාකාර බාධක තරඟයේ විවිධ අදියරයන් අන්තර්ඝතවන පරිදි විශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබිණි. අංක 8 හැඩයට නිර්මිත මාර්ග දෙකකින් සැදුණු ධාවන පථයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස ධාවන පථය හරි මැද ධාවන පථයේ පළලටම සමාන පටු පාලමක් තරණය කිරීමට ද තරඟකරුවන්ට අවස්ථාව උදාවිය.

තරඟාවලිය ධාවන පැදි ඉසව් ගණනාවකින් අලංකාර වු අතර, ‘ජිම්පෝ හොඳම ධාවකයා’ (Gympo Best Rider) කුසලානය දිනාගැනිම සඳහා තරඟ කිරීමට දිවයින පුරා වෙසෙන නම් දැරු ධාවකයින් තරඟාවලියට සහභාගි විය.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 2000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.

තරඟාවලියේ ජයග්‍රහකයින් පහතින් දැක්වේ;

ධාවන පැදි තරඟ

ස්ටෑන්ඩඩ් 125 cc ඉසව්ව

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් පි නිහාල් විජේරත්න - විපාරෙ

දෙවන ස්ථානය - කාර්මික සෙබල එම්.සී සුපුන් කුමාර - ශ්‍රීලවියාඉ

තෙවන ස්ථානය - කාර්මික සෙබල ඒ.එස් ෂෙහාර - ශ්‍රීලවියාඉ

රෙසින් 125 cc ඉසව්ව

ප්‍රථම ස්ථානය - සංඥා සෙබල කේ බුද්ධික සිල්වා - ශ්‍රීලංසංබ

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල එල්.ජේ කුමාරසිංහ - ශ්‍රීලයුසේබ

ස්ටෑන්ඩඩ් 125 cc ඉසව්ව

ඉසව් අංක 01

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්. එල්.ජේ කුමාරසිංහ - ශ්‍රීලයුසේබ

ඉසව් අංක 02

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්. එල්.ජේ කුමාරසිංහ - ශ්‍රීලයුසේබ Running sports | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival