Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2018 21:41:22 Hours

සාර්ක් රටවල් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයින් පිරිසක් යුද්ධ හමුදාධිපති හමුවෙයි

සාර්ක් රටවල් නියෝජනය කරමින් පාසල් ශිෂ්‍ය භටයින් 84 දෙනෙකුගෙන් (ශිෂ්‍ය භටයින් 68 / ජ්‍යෙෂ්ඨ නිලධාරින් 16) සමන්විත කණ්ඩායමක් සිය පුහුණු වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් අතුරින් ශිෂ්‍ය භටයින් 5 ක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 ක් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

බංගලාදේශය, ඉන්දීයාව, මාලදිවයින, නේපාලය සහ පකිස්තානය යන රටවල් නියෝජනය කරන මෙම පාසල් ශිෂ්‍ය භටයින් කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරයේ දී රන්ටැඹේ, ජාතික ශිෂ්‍ය භට බලකා මුලස්ථානයේ ද සංචාරය කළ අතර, එහිදි ශ්‍රී ලංකා ශිෂ්‍ය භටයින් විසින් සංවිධානය කළ හර්මන් ලූස් කුසලානය සඳහා ද සහභාගි වන ලදි.

මෙම හමුවේ දී එම ශිෂ්‍ය භටයින් යුද්ධ හමුදාධිපතිතුමා සමඟින් තේ පැන් සංග්‍රහයක් භූක්තිවිදී අතර, ශිෂ්‍ය භට බලකාය පිළිබඳ වැදගත් අදහස් කිහිපයක් ද එහිදි සාකච්ඡා කරනු ලැබීය.

මීට අමතරව, පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදාව පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ද මෙම ශිෂ්‍ය භටයින් පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම, මෙම හමුව අවසානයේ එම ශිෂ්‍ය භටයින් විසින් සිය සුහදත්වය වර්ධනය කරනු වස් යුද්ධ හමුදාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනැමුහ. Nike Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp