Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 13:08:14 Hours

සාමාන්‍ය වැසියාගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් 651 බළසේනාවේ භට පිරිස් සහාය

කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් මීට දින කිහිපයකට ඉහත දී මියගිය සාමාන්‍ය වැසියෙකු වූ ගෝවින්ද ස්වාමිගේ අවමංගල්‍ය කටයුතු ගනේෂපුරම් හි සිදුකිරිම සඳහා වෙල්ලන්කුලම්, මන්තායි බටහිර පදිංචි එම මියගිය සාමාන්‍ය වැසියාගේ පවුලේ ඥාතීන්ට සහාය විය.

සාමාන්‍ය වැසියාගේ මරණය පිළිබඳව පවුලේ සාමාජිකයින් විසින් යුද්ධ හමුදා භට පිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන විසින් 651 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ගේ අධික්ෂණය යටතේ ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන එම මියගිය වැසියාගේ පවුලේ ඥාතීන්ට සහාය වෙමින් අවමංගල්‍ය කටයුතු ඉටු කිරීමට යුද්ධ හමුදා භට කණ්ඩායමක් පිටත් කර තිබේ.

යුද්ධ හමුදා භට පිරිස් විසින් සාමාන්‍ය වැසියාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අවමංගල්‍ය නිවසට පැමිණි 60 කට අධික පිරිස වෙනුවෙන් ආහාර පිළියෙල කොට අවමංගල්‍ය කටයුතු ඉතා හොඳින් සිදුකිරීමටද එම ආර්ථික අගහිගකම් වලින් පෙළෙන එම පවුලේ සාමාජිකයින්ට සහාය වූහ.

ඊට අමතරව, හමුදා භට පිරිස් ඔවුන්ගේ පෞද්ගලික මුදල් පරිත්‍යාගයෙන් අවමංගල්‍යයට පැමිණ සිටි පිරිසට තේ පැන් වලින්ද සංග්‍රහ කළ අතර, 15 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) භට පිරිස් මෙසේ එම ප්‍රජා සත්කාරක සමාජ සේවාවට දායක විය.

Running Sneakers Store | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf