Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2019 10:48:23 Hours

සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කෙරේ

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන සංවත්සර සැමරුමට සමගාමීව අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (25) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවැති රණවිරු සැමරුම් උත්සවය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

එහිදි, ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ සන්නද්ධ බුද්ධි බලකා ගීතය ගායනා කළහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් සහභාගිවූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය ඇතුළු පැමිණසිටි සියලුදෙනා  මීට වසර කිහිපයකට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදවාගැනීම සඳහා සිය ජිවිත පූජා කල සන්නද්ධ බුද්ධි බලකායේ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රණවිරු ස්මාරකයේ පහන ආලෝකමත් කල අතර යුද්ධ හමුදාධිපතිතුමන්, සන්නද්ධ බුද්ධි බලකායේ නිර්මාතෘ මෙන්ම හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ලයනල් පී. බලගල්ල සහ සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සමඟ එක්ව රට වෙනුවෙන් දිවිපිදු සන්නද්ධ බුද්ධි බලකායේ රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කර සිටියහ. තවද රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම, රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් සන්නද්ධ බුද්ධි බලකායේ හිටපු කර්නල් සේනාවිධායක ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කර සිටියහ.

හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ලයනල් පී. බලගල්ල, බුද්ධි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එච්.කේ.ඒ.සී.ආර්. කොඩිතුවක්කු විසින් සැමරුම් උත්සවය ආරම්භ කරමින් රණවිරු ස්මාරකය අභියස පහන් කිහිපයක් දැල්වීය.

එමෙන්ම, මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරු, ඔවුන්ගේ ළඟම ඥාතීන් සහ රණවිරු දරුවන් මල් කළඹ තැන්පත් කරමින් තම ආදරණීයන් සිහිකරමින් මෙහිදි උපහාර දැක්වූහ. ක්‍රමයෙන් අඳුර වැටිම ආරම්භවීමත් සමඟ හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

සන්නද්ධ බුද්ධි බලකායේ සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක මුරය විසිරයාමත් සමඟ සැමරුම් පෙළපාලියේ භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව අවර අවිගෙන රණවිරු ස්මාරකය අභියසින් නික්ම ගියහ.

මෙම සැමරුම් උත්සවය සඳහා හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ලයනල් පී. බලගල්ල, විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩි. තෙන්නකෝන්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ජි.පී.එස්.ටී. ලියනගේ, විශ්‍රාමික ජි.ජි.පී.එස්.ටී. ලියනගේ මහත්මිය, විශ්‍රාමික මේජර් ජෙනරාල් ඒ.එස්.ඊසඩ්. සූහීර්, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් ඇතුළු විශ්‍රාමික සන්නද්ධ බුද්ධි බලකා නිලධාරීන් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් සියගණනක් සහභාගි වූහ. Nike sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth