Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2018 12:45:08 Hours

සංචාරකයින්ගේ ආකර්ශණය වැඩි කිරීමේ අරමුණින් භඨ පිරිස් ‘සක්කොටෙයි’ ප්‍රදේශයට නව මුහුණුවරක් එක්කරයි

දිවයිනේ උතුරු කෙළවරහි පිහිටි පේදුරුතුඩුවේ ‘සක්කොටෙයි’ ප්‍රදේශය යාපනය අර්ධද්වීපයට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ඒ සඳහා නව මුහුණුවරක් එක්කිරීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ක්‍රියාත්මක කල අලංකරණ ව්‍යාපෘතිය තුලින් හැකිවිය.

මෙම ව්‍යාපෘතියට 55 වන සේනාංක භඨ පිරිස් මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය ලැබුණු අතර, එම ප්‍රදේශයේ ස්ථාපිත අවපැහැගැන්වී තිබු ශ්‍රී ලංකා ජාතික ධජය නව දීප්තිමත් වර්ණ ආලේප කිරීමෙන් අලංකාර කරන ලදී. එම ධජය දුර සිට වූවද පැහැදිලිව දිස්වන ආකාරයට සකස් කිරීම තුලින් ප්‍රදේශයේ ධීවරයන්ට මෙන්ම නාවිකයින්ට ගොඩබීම සොයාගැනීමට පහසුව සලසාදීමට හැකිවන අතර ඒ තුළින් පරිසරයට වන හානිය ද අවම වේ.

මෙම ස්ථානය අලංකාර කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් වැඩි කරගැනීමට මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන වෙළඳ ප්‍රජාව හා වීදි අලෙවිකරුවන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීමට ද බලාපෝරොත්තු වේ.

මෙම දර්ශනීය ස්ථානය වෙත සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත එම සේනාංක භඨ පිරිස් විසින් අලංකරණ ව්‍යාපෘතිය සිදු කරන ලද අතර එය මහජන අයිතියට පැවරීමට උත්සවයක් ද සංවිධානය කරන ලදි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර 55 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින් රැසක් ද එක්ව සිටියහ.

latest jordan Sneakers | nike air speed turf rose gold price per gram