Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2018 20:39:51 Hours

සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගනී

මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින සන්ධ්‍යාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයට සපැමිණි සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නියෝජිත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාළිගාව වෙත කැඳවාගෙන යන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සමගින් එම අවස්ථාව සඳහා තනුජා ඩයස් මැතිණිය, 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර සහ සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ එක්ව සිටි අතර, ඉන් අනතුරුව සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, එම මැතිණිය සහ නියෝජිත පිරිස ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන ලේකම් විසින් සාදරයෙන් පිළිගන්නා ලදි.

සංචාරක හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතුලු නියොජිත පිරිස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙත පිච්චමල් පූජාවක් සිදු කිරිමෙන් අනතුරුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ධාතු මන්දිරය ඉතා ඕනෑකමින් යුක්තව නැරඹූ අතර, මහත් ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන කරනු ලැබීය. එමෙන්ම මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මැතිණිය ඇතුළු පිරිස මහත් උනන්දුවකින් ශ්‍රී දළදා මාළිගාවේ ‍ඓතිහාසික වටිනාකම් සහ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්විම පිළිබඳව විමසා සිටි අතර ඒ සැබැදිව යම් අවබෝධයක් ලබා ගන්නා ලදී.

මෙහිදි තනුජා ඩයස් මහත්මිය විසින් මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මැතිණිය සාදරයෙන් පිලිගන්නා ලද අතර ශ්‍රී දළදා මාළිගාවේ පැවැති ආගමික වතාවත් සඳහා කැඳවාගෙන යනු ලැබීය.

best Running shoes | adidas Campus 80s South Park Towelie - GZ9177