Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2019 10:10:54 Hours

ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් දිවුරුම් දෙයි

සමෘද්ධිය, සංහිඳියාව සහ සංවර්ධනය මූලික කරගත් නව යුගයක් සංකේතවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දින පැවති කෙටි උත්සවයක දී, හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

වර්ථමානයේ සිදු වූ ඉතාම දුර්ලභ හා සුවිශේෂී සිදුවීමක් වන මෙම අවස්ථාව, සහයෝගීතාවයේ සැබෑ ආත්මයන්, ජාතික අරමුණු සඳහා වූ කැපවීම, ජනමතය හඳුනා ගැනීම සහ ජාතියේ බලාපොරොත්තුව යන අභිලාශයන් ඉටුකර ගැනීමේ අරමුණින් ලැබු අතිමහත් ජනවරම දකුණේ ගිරුවාපත්තුවේ එකම පවුලේ දේශපාලන උරුමයක් වශෙයන් ද සඳහන් කල හැක.

නව අග්‍රාමාත්‍යතුමන්ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සමඟ නව අග්‍රාමාත්‍යතුමන් එම පරිශ්‍රයට සම්ප්‍රාප්ත වන විට එතුමන්ගේ පවුලේ සාමාජිකයින්, රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් අසුන් වලින් නැගිට එතුමන් වෙත සුභපැතුම් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ සමාරම්භය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ගීතය ගායනා කරනු ලැබීය. සුභ මෙහොත උදා වූ විගස, 3 වන වරටත් අග්‍රාමාත්‍ය ධූරය භාරගනු ලබන නව අග්‍රාමාත්‍යතුමන් ජනාධිපති ලේකම් ආචාර්ය ජී.බී.ජයසුන්දර මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී.

මාතෘභූමියේ ඒකීයභාවය සහතික කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්‍ෂපාතී බවට දිවුරුම් දීමෙන් අනතුරුව එම ධූරයේ වැඩභාරගැනීම සඳහා එතුමන් අත්සන් තබනු ලැබීය. අතිගරු ජනාධිපතිතුමන් විසින් නව අග්‍රාමාත්‍යවරයා වෙත සිය අත්සනින් යුතු ලේඛනය අත්පොලසන් නාදය මධ්‍යයේ උණුසුම් සුභපැතුම් සමඟින් නැවත පිරිනමන ලදී.

ආශිර්වාද හා සුභපැතුම් මධ්‍යයේ, අපේ මව්බිමෙහි දේශපාලන ඉතිහාසයට විශේෂ පරිච්ඡේදයක් එක් කරනු ලැබූ මෙම ඓතිහාසික උත්සවය අවසන් වීමෙන් පසුව සියළු ආගම් නියෝජනය කරමින් පූජකවරුන්ගේ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගැනීම සඳහා නව අග්‍රාමාත්‍යතුමන් සිය කාර්යාලය වෙත පැමිණියේය. bridgemedia | Men's Sneakers