Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2018 13:47:37 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මළල ක්‍රීඩා තරඟාවලිය නැවුම් බලාපොරෝත්තු රැසක් තබමින් සාර්ථකව නිමාවේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහිකරමින් සාර්ථකව අවසන් විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය.

මැයි මස 16 සහ 17 දිනයන්හි පැවැති මෙම මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ සියළු ඒකකයන් නියෝජනය කරමින් නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු මළල ක්‍රීඩකයින් 900 කට අධික පිරිසක් සහභාගි විය.

තරඟාවලිය අවසන් දිනයේ දී මීටර් 400 අවසන් තරඟය, මීටර් 800 අවසන් තරඟය, මීටර් 100 අවසන් තරඟය, මීටර් 100 x 4 සහය දිවීම, අන්තර් පාසල් මීටර් 100 x 4 සහය දිවීම, අන්තර් රෙජිමේන්තු මීටර් 200 x 4 සහය දිවීම සහ මිශ්‍ර සහය දිවීම යන තරඟ ඉසව්වන් පැවැත්විණි.

තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකරගැනීමට 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.එල්.පී. ගුණරත්න සමත්විය.

මේ අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත්විය.

මෙහිදි පැවැති අන්තර් පාසල් තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශාන්ත බෙනඩික්ට්ස් විද්‍යාලයට හිමිවිය.

මෙම තරඟාවලියේ පැවැති අන්තර් රෙජිමේන්තු තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම සමත්විය.

තවද මෙම තරඟාවලියේ අවසන් දිනය වර්ණවත් කරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ සංස්කෘතීක අංගයන් රැසක් ද ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තරඟාවලිය අවසානයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලාන්ස් කෝප්‍රල් ගුණරත්න වෙත පිරිනමනු ලැබීය.

මෙම තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් වික්‍රමසිංහ විසින් ස්තුති කථාව සිදු කල අතර එහිදි මෙම අවස්ථාවට සහභාගි වූ ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ආරාධිත පාසල් ක්‍රීඩා කණ්ඩායම් වෙත සිය ප්‍රසංශාව පිරිනැමීය.

සියළුම ප්‍රේක්‍ෂකයිගේ දිරීගැන්වීම සහ පෙළඹවීම මධ්‍යයේ තරඟාවලිය සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුව පසුගිය දශක පහක කාලය තුල මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අසමසම වාර්තා රැසක් පිහිටුවා ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද බිහිකර ඇත.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රකා සේනානායක මහත්මිය ද එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Off-White