Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2018 13:40:11 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ලෝකාන්තයෙන් ඇඳ වැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ මළ සීරුර සොයා මෙහෙයුමක

දිවයිනේ සංචාරක ආකර්ශණය දිනාගත් වඩාත් ජනප්‍රිය ස්ථානයක් වන හෝටන් තැන්න නැරඹීමට ගිය සංචාරක ජර්මන් ජාතික 35 හැවිරිදි ජූලී එල්ගර් මහත්මිය ඉරිදා (11) දින උදෑසන ලිස්සායාම හේතුවෙන් ලෝකන්තය පහළට වැටුණු අතර පවතින අයහපත් කාලගුණය නොතකා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 17 දෙනෙකු එක්ව දියත් කරනු ලැබු මෙහෙයුමකින් අනතුරුව ඇයගේ මළ සීරුර සොයාගැනීමට සමත්විය.

මෙම ස්ථානයේ සේවයේ නියුතු බලධාරීන් විසින් දැනුම්දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා කණ්ඩායම, පවතින අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා කඹ සහ වෙනත් ආධාරක යොදාගනිමින් සෝදිසි මෙහෙයුම දියත් කරනු ලැබීය.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර ගේ සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අජන්ත විජේසුරිය ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් ගලවාගැනීමේ කණ්ඩායම් සමඟ එක්ව මෙම මෙහෙයුම සාර්ථකව සිදුකළහ.

මේ පිළිබඳ පට්ටිපොල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ලබයි. Best Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1