Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 13:30:53 Hours

ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 75 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගැනීම ශ්‍රී ලංකා සංඥා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පාලිත පෙරේරා විසින් සිදු කළ අතර, භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව සරඹ භූමිය අසළ දී යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිලිගෙන, රට වෙනුවෙන් දිවිපිදු සංඥා බලකා රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ව රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යන ලදි.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

එමෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සර සමරු ඵලකය නිරාවරණය කරමින්, නව ඵලකය ඉදිරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමගින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති හා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨතම කෝප්‍රල් විසින් පීත්ත පටි කපා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජනාගාරය විවෘත කරන ලදි.

මෙහි ප්‍රධාන අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරයට වැදගත්කමක් එක් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සර සැමරුමේ පළමු මුද්දරය තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩි.බි. මීගස්මුල්ල මහතා සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ශාන්ත කුමාර මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය. එසේම, මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ කෘතඥතාවය පුදකරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භට පිරිස් අමතමින් ශ්‍රී ලංකා සංඥා බලකාය වසර 75 ක දිගු කාලයක් තුල ලබාදුන් අතිවිශිෂ්ට සේවාවන් ඇගයුමට ලක්කලහ. තවද, මෙහි පිලිගැනිමේ කථාව මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් සිදුකරන ලදි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරය සහිවනු වස් රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාර ශ්‍රවණාගාරය අසල ‘නා’ පැලයක් රෝපණය කරනු ලැබීය.

සංඥා බලකා භට පිරිස් හි දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නවතමයෙන් ඉදිකරන ලද තොරතුරු තාක්‍ෂණ පුහුණු විද්‍යාගාරය (ICT Trg Lab) ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදි විවෘත කරන ලදි. එසෙම, යුද්ධ හමුදාධිපතිතුමා, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සටහනක් තබමින් 75 වන සංවත්සරය වෙනුවෙන් සිය සුභ පැතුම් ද එක්කළහ.

අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකා නිලධාරින් සහ සෙසු නිලයින් සමගින් සමූහ ඡායාරූපයකට පෙනිසිටි යුද්ධ හමුදාධිපතිතුමන් සියලු නිල තේපැන් සංග්‍රයට ද සහභාගි විය.

මෙම සැමරුම් උත්සවය සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශේෂ ආරාධිතයන් රැසක් සහභාගි වුහ. Nike footwear | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf