Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2018 14:54:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තවත් නව ආධුණික සෙබළුන් 142 ක්

කෑගල්ල, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේ ආධුණික පුහුණු පාඨමාලා අංක - 25 යටතේ මාස 04 කට අධික කාලයක් මූලික යුධ පුහුණුව සාර්ථක හැදෑරු නව ආධුණික සෙබළුන් 142 ක් සෙනසුරාදා (14) දින පැවැති උත්සවයක දී විසිරයන ලදී.

සංස්කෘතික සංදර්ශනයක්, වර්ණවත් ශාරීරික අභ්‍යාස සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක් සහ ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකින් ද සමන්විතව හමුදා සම්ප්‍රදානුකුලව මෙම විසිරයාමේ පෙළපාලිය පැවති අතර විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යහළු හිතමිත්‍රාදීන් ද මෙම අවස්ථාව නැරඹීම සඳහා පැමිණ සිටියහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. නානායක්කාර සහභාගි විය.

පුහුණු කාලය තුල සියලුම න්‍යායික හා ප්‍රයෝගික අංශයන්ගෙන් ඉහලම ලකුණු ලබාගනීමින් පාඨමාලාවේ සෑම අතින්ම අතිශුර සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ ඩි.පි.ඩි.වි. දිසානායක තේරිපත්වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සෑම අතින්ම අතිශුර සෙබළාට හිමි කුසලානය පිරිනමනු ලැබීය.

එසේම, යුද්ධ හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන්, දිවයින පුරා හමුදා කඳවුරු සියල්‍ලෙහිම ක්‍රියාත්මක ‘හරිත සෙබලා’ සංකල්පයට අනුව විසිරයන ආධ‍ුණික සෙබලුන් 142 දෙනා වෙත පැළ 1420 ක් බෙදාදීම ද මෙම උත්සවයේ දී සිදු කළ අතර, එම පැළ ඔවුන්ගේ යුද්ධ හමුදා සේවා කාලය පුරාවටම ආරක්‍ෂාකර රැකබලාගැනීමට ද ඔවුන් එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරියේ දිවුරුම් දී ප්‍රකාශ කරන ලදි.

මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ හිතමිතුරන් විශාල පිරිසක් ද සහභාගි විය.

පාඨමාලාවේ හොඳම ඛණ්ඩය සහ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

හොඳම ඛණ්ඩභාර නිලධාරි - කපිතන් කේ.එම්.ඩබ්ලිව්.එම්.ටි.ඩි. විජේකෝන් (ශ්‍රී ලංකා රයිෆල් බලකාය)

හොඳම ඛණ්ඩභාර සැරයන් - සැරයන් ඊ.එච්.එන්. සම්පත් (ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව)

හොඳම පෙළ අණදෙන්නා - ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.ඩබ්ලිව්.ඩබ්ලිව්. බණ්ඩාර (ගැමුණු හේවා බලකාය)

හොඳම ශාරීරික අභ්‍යාස උපදේශක - කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ඊ.කේ. ප්‍රේමචන්ද්‍ර (සන්නද්ධ බුද්ධි බලකාය)

හොඳම ශාරීරික යෝග්‍යතා සෙබළා - ආධුණික සෙබළ ආර්.ඩි.බි.එන්. විමලසිරි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය)

දක්‍ෂතම වෙඩික්කරු - ආධුණික සෙබළ ඩි.එම්.බි.අයි. දේවගිරි (ගැමුණු හේවා බලකාය)

හොඳම ඛණ්ඩය - 4 වන ඛණ්ඩය

Authentic Nike Sneakers | FASHION NEWS