Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2018 19:27:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත වෘත්තිකයන් බඳවාගැනේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට පිරිමි සහ කාන්තා වෘත්තීය නිලධාරින් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.

වෘත්තීය සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය උපදේශකයින්, දන්ත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණ විශේෂඥයින්, අපරදිග සහ පෙරදිග සංගීතඥයින්, තූර්යවාදක කණ්ඩායම් නායකයින්, ගිණුම් නිලධාරීන්, මිනින්දෝරුවන් මෙන්ම වෙනත් විශේෂ සුදුසුකම් සහිත නිලධාරීන් බඳවා ගැනීම සිදු කරනු ලබන අතර, අයදුම්පත් භාරගැනීම 2018 මැයි මස 15 වන දිනෙන් අවසන් වේ.

එසේම, මාසික වැටුපට අමතරව ප්‍රවාහන පහසුකම්, නිල ඇඳුම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් සහ වෙනත් දීමනා රැසක් හිමිවන අතරම, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා විදේස් රටවල රාජකාරි කිරීමේ අවස්ථාව ද හිමිවේ.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තීරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා : අමතන්න 0112514603, 0112514605 (බඳවා ගැනිමේ නිලධාරි)

Download Paper Advertisement - English

Download Paper Advertisement - Sinhala

Download Paper Advertisement (Medical Officers) - English trace affiliate link | NIKE AIR HUARACHE