Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2018 13:30:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ වාර්ෂික සුහද හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ 26 වන වාර්ෂික සුහද හමුව සෙනසුරාදා (08) දින ශ්‍රී ලංකා පාබල හමුදා කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ ඩී.එල්.සී. මහානාම මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ ලේකම් එච්.එම්. විජේරත්න මහතා විසින් සිදුකරන ලද පිළිගැනීමේ කථාවෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණු අතර ඩී.එල්.සී. මහානාම මහතා විසින් පසුගිය සභා වාරයේ වාර්තාව, ප්‍රගති වාර්තාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ ඉදිරි දැක්ම ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වල දරුවන් සඳහා ත්‍යාග සහ ශිෂ්‍යාධාර පිරිනැමුහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍යාග සහ ශිෂ්‍යාධාර ප්‍රදානය සිදු කල අතර තවද ත්‍යාග සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින්, යුද්ධ හමුදා සිවිල් සේවකයින්ගේ සේවය තමන් අගය කරන බවත් අනාගතයේ දී ද ඔවුන්ට අවශ්‍ය සහය තවදුරටත් ලබා දෙන බවට පැවසීය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. jordan release date | Entrainement Nike