Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2018 08:12:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක භට පිරිස් ස්ථානගත කිරීමට ප්‍රමාදවීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක භට පිරිස් ස්ථානගතවීම සබැඳිව පල වූ ප්‍රවෘත්තිය පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමු කෙරිණි.

එක්සත් රාජධානියේ සාම සාධක රාජකාරින් සඳහා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ භට පිරිස් ස්ථානගත කරති. (උදා : හමුදා මාණ්ඩලික නිලධාරින්, විශේෂඥයින්, නිරීක්ෂකයින්, සම්බන්ධිකරණ නිලධාරින්) එහිදි ඔවුන්ගේ අවංකකම සහ උසස් ප්‍රමීතියකින් යුතුව රාජකාරින් ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සෑමවිටම අවධානය යොමු කරයි. එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරත භට පිරිස් සංකේතාත්මක ගෞරවනීය සේවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ද ඉටු කරයි.

ඔබ දන්නා පරිදි එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පුද්ගලයන් විසින් ඇතැම් අවස්ථාවලදි ඔවුන්ගෙන් අපේක්ෂා නොවු විනය විරෝධි ක්‍රියාවන් වාර්තා වූ අතර, ඒ සබැඳිව අදාල නීතිමය විධිවිධානවලට අනුව නිත්‍යානුකූලව කටයුතු කිරීමටත් පියවර ගෙන ඇත. එමෙන්ම ස්ථානගත සාමාජිකයින්ට එරෙහිව විෂමාචාර චෝදනා එල්ල වූ අවස්ථාවන්හිදී ද ඔවුනට එරෙහිව විනයානූකූලව කටයුතු සිදු කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සාමසාධක හමුද රාජකාරීන් සඳහා සහභාගි වන භට පිරිස් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු සිදු කරමින් සිටියි. එමඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශවීක සම්බන්ධතා ශක්තිමත් කිරීමට මෙන්ම අන්තර්ජාතික මට්ටමේ සම්බන්ධිකරණ හා සහයෝගීතාවය ඇති කිරීමට අප සාමසාධක භට පිරිස්වලට හැකිවනු ඇත. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කළ සාමසාධක රාජකාරි සඳහා ස්ථානගත කරන භට පිරිස් හොඳම භට පිරිස් බව පෙන්විමට ද වගකීමක් ඇත.

එබැවින් අදාල කරුණ පිළිබඳ අප නිරන්තර අවධානය යොමු කළෙමූ. එහිදි ඔවුන් ස්ථානගත කිරීමට ප්‍රථම විශේෂ පුහුණුවක් ලබාදීම සිදු කිරීමට මෙන්ම ඔවුන්ගේ හැසිරීම හා විනය පිළිබඳ දැනුවත් කරමින් ඔවුනට මුහුණපෑමට සිදුවන පරික්ෂණ හා විනයානූකූල පියවරවලදි ඇතිවන බලපෑම් දරාගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් අපේක්ෂා කරන ඉහළ ප්‍රමිතීන් ද අනුගමනය කරමින් ඔවුන්ගෙන් ඉටුවිය යුතු රාජකාරි නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය අත්දැකිම් මෙම පුහුණුව තුල දී ලැබෙයි.

ශ්‍රී ලංකාවේ සියළුම ආයතන විසින් යහපාලනයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ මෙන්ම නීතියේ ස්වාධිපත්‍යය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වයි. අන්තර්ජාතික ප්‍රජාව සමඟ විශාල වගකීමකින් හා අන්තර්ජාතික මට්ටමේ වගකීම් භාරගැනීම මෙම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ එක් කොටසකි.

විශේෂයෙන් ශ්‍රී ලංකාව සාමසාධක ක්ෂේත්‍රයේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය සමග අදාල ප්‍රමිතින්ට අනුව මෙන්ම අනෙකුත් රාජ්‍යයන්ට උදාහරණයක් ලෙස වගකීමෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි. එමෙන්ම මෙහිදි සියළුම මට්ටම්වල සේවයේ නියුතු නිලධාරින් පරික්ෂා කිරීම වැදගත්කොට සැලකෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අප රටේ පාර්ලිමේන්තුව හරහා ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබාදෙන ලද ස්වාධීන ජාතික යාන්ත්‍රණයක් තුලින් අදාල කටයුතු පිළිබඳ සලකා බලයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම තුලින් අදාල රාජකාරීන් සඳහා පුද්ගලයින් පරික්ෂා කිරීම වඩාත් සුදුසු ක්‍රමයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළුම කාර්යයන් සඳහා යොදවන භට පිරිස් පරික්ෂා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් පිළිබඳව එකඟ වී ඇත. මෙම ජාතික ක්‍රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අනුමැතිය පරිදි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය පරික්ෂාවට ලක්කිරීමට 2012 දෙසැම්බර් මස 11 දින අංක 2012/18 මානව හිමිකම් පනතට අනුව සාමාජික සාමාජිකාවන් පරික්ෂාවට ලක් කර එම පුද්ගලයින් පනවා ඇති නීති උල්ලංඝණය කර ඇති නැති බව පිළිබඳ සහතික කරනු ලබයි. මෙම ජාතික ක්‍රියාවලිය තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය හා හැසිරීම් පිළිබඳ ප්‍රමිතීය ඉහළ නැංවිමට උපකාරි වන බව තරයේ විශ්වාස කරන්නෙමු. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් පුද්ගලයින් තම රට තුලදී මෙන්ම විදේශගතව සිටින විට ද විනය හා හැසිරීම ඉහළ ප්‍රමිතීයකින් පවත්වාගෙනයාම සඳහා ඔවුන් සේවය කරන ස්ථානයේ විශ්වාසය දිනාගැනීම සහතික කිරීම අපගේ පරමාර්ථයයි. (නිමාව)

best Running shoes brand | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ