Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2018 10:59:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වොලිබෝල් සහ දැල්පන්දු තරඟාවලි මහරගම දී අවසන් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු වොල්බෝල් තරඟාවලිය සහ අන්තර් බලඇණි දැල්පන්දු තරඟාවලිය 2018, මැයි මස 29 දින සිට ජූනි මස 1 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සහ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

එම තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානොත්සවය සිකුරාදා (01) දින පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි විය.

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අන්තර් බළඇණි දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හිමි කරගත් අතර, 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් අනුශුරතාවය හිමි කරගත්හ.

එමෙන්ම, අන්තර් රෙජිමේන්තු කාන්තා වෝලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගි වු අතර, එහිදී 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම විසින් ශූරතාවයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කාන්තා කණ්ඩායම විසින් අනුශූරතාවයත් හිමි කරගනු ලැබීය.

එහිදී පැවති වොලිබෝල් සුපර් ලීග් වටය සඳහා සහභාගි වු කණ්ඩායම් 8 ක් අතරින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම ශූරතාවය හිමි කරගත් අතර, ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම අනුශුරතාවය හිමි කරගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය සිය වාර්ෂික ප්‍රධාන අංගයක් ලෙස මෙම තරඟාවලිය සංවිධානය කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා පාලන මණ්ඩලයේ පිළිගත් විනිසුරු මණ්ඩලයක් විසින් ජාත්‍යන්තරව පිළිගත් නීති සහ රෙගුලාසිවලට යටත්ව මෙම තරඟාවලි දෙක පවත්වනු ලැබීය.

Best jordan Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf