Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2018 12:28:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වාර්ෂික මලල ක්‍රීඩා උළෙල ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල අඟහරුවාදා (20) උදෑසන හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර ස්වේච්ඡා බලසේනාවේ සියලුම බලඇණිවල සහයෝගය ඇතිව මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධානය කරනු ලැබීය.

දින 03 ක් පුරාවට පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙල සඳහා ස්චේච්ඡා බලසේනාවේ සියළුම බලඇණි නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 දෙනෙකු විවිධ තරඟ ඉසව් 48 ක් යටතේ තරඟ වැදිමට නියමිතව ඇත.

මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. යුද්ධ හමුදා ගීතය වාතලයට මුසුවෙද්දි එතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ධජය ද නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.එෆ් කස්තුරිආරච්චි විසින් යුද්ධ හමුදා ක්‍රීඩා ධජය ද ඔසවන ලද අතර දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 02 ක නිෂ්ශබ්දතාවයක්ද පවත්වන ලදී.

මෙම අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශුරතාවලිය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නරඹන්නන්ගේ අත්පොලසන් හට මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඔලිම්පික් පහන දල්වන ලදී. අනතුරුව ක්‍රීඩකයින් හා තරඟ විනිසුරුකරුවන් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරින් විසින් දිවුරුම් දීම සිදුකරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඔවුන් හට හා කණ්ඩායම් නායකයින් හමුවි සුබ පැතුම් එක් කරමින් ක්‍රීඩා ඉසව් සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධෛර්යවත් කරන ලදී.

මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල සඳහා මැරතන් ධාවන තරඟ ඉසව්, සහාය දිවිම්, කඩුලු මතින් පැන දිවිම, කඹ ඇදිම, යගුලිය විසිකිරිම, හෙල්ල විසිකිරිම, උස පැනිම ආදි විවිධ මලල ක්‍රීඩා ඉසව් රැසකින් සමන්විත වන අතර බ්‍රහස්පතින්දා (22) දින පැවැත්විමට නියමිත සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා ලෝලීහු විශාල පිරිසක් මෙම සමාරම්භක අවස්ථාව සදහා එක්ව සිටියහ.

affiliate tracking url | NIKE RUNNING SALE