Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2018 14:03:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය නැරඹීම සදහා සිසුන් විශාල පිරිසක් සහභාගිවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමිව පවත්වනු ලැබු තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය නැරඹීම සදහා පාසල් හා තාක්‍ෂණික විද්‍යාල සිසුන් සිය ගණනකට අධික පිරිසක්, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙනු ලැබීය.

එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එහි සපැමිණි සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මෙම ප්‍රදර්ශන විවෘත කරණු ලැබීය. ප්‍රදර්ශන කුටි 160 කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය 'සයිබර් අවකාශය; සදාතන යුධ පෙරමුණ' යන තේමාව ඔස්සේ ජාත්‍යන්තර සමුළුවට සමගාමිව බඳාදා (28) දින උදෑසන පවත්වනු ලැබීය.

බ්‍රහස්පතින්දා (29) දින සවස 9.00 ට මෙම ප්‍රදර්ශනය අවසන් කරනු ලැබීය.Mysneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf