Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 18:15:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ නව ශ්‍රවණාගාරයේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන චීන ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානි යුද්ධ හමුදාධිපති හමුවේ

චීන අරමුදල් මත දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ඉදිකරන නව ශ්‍රවණාගාර සංකීර්ණය සඳහා තාක්ෂණික සහය ලබාදෙන චීන නියෝජිතයින් පිරිසක් බදාදා (30) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී එහි ඉදිකිරිම් පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළහ.

මෙම හමුවේ දී ව්‍යාපෘති කළමණාකරණ කණ්ඩායමේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කර්නල් චෑන්ග් ලූහුආ (Senior Colonel Chang Luhua) ප්‍රමුඛ එම කණ්ඩායමේ සාමාජිකයින් 4 දෙනෙකු ඔවුන්ගේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ව්‍යාපෘතියේ දෙවන අදියර හා අනෙකුත් තාක්ෂණික අංශවල ප්‍රගතිය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම නව ශ්‍රවණාගාර පරිශ්‍රයේ දෙවන අදියරේ ඉදිකිරිම් කටයුතු දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨ පරිශ්‍රයේ දී 2018 මැයි මස 8 වන දින ආරම්භ කරන ලදි.

යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, යුද සේවා සහකාර කර්නල් උදය කුමාර, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරන නිලධාරි කර්නල් කීර්ති රණසිංහ ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

jordan Sneakers | adidas poccnr jumper dress pants size